Colombo Today Local News

නිරෝධායනය අවසන්ව නිවසට යමින් සිටි අයෙක් මහමග මිය යයි

නීරෝධයනය අවසන් කර තම නිවස බලා යමින් සිටි අයෙකුගේ මළ සිරුරක් පුත්තලම ආනන්ද මාවතට හැරෙන ස්ථානයේ මහ මග තිබී හමුවී ඇති බව පුත්තලම පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ පුත්තලම – කුරුණෑගල පාර අංක 186 සි 01 පදිංචිව සිටි ධර්මලිංගම් වසන්දනාදන් (අවු:55) නම් අයෙකි. ඔහු අබ්දුල් මලික් නමින් ඉස්ලාම් ආගම වෙත ගොස් ඇති බව පසුව හදුනා ගෙන තිබේ.

පුත්තලම පොලීසිය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දැනුම් දීම මත ඔහුගේ පවුගේ ඥාතීන් විසින් සිරුර හදුනා ගන්නා ලදී.

මෙම පුද්ගලයා හෙට්ටිපොල ප්‍රදේශයේ ආපනශාලාවක සේවය කරමින් සිට ඇත.එම අපනශාලවට පැමිණ ගිය අයෙකු කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව එහි සේවය කළ සියලුම දෙනා නීරෝධායනයට යොමු කර ඇත.ඔවුන් නීරෝධායනය වී ඇත්තේ සේවය කරමින් සිට ඇති අපනශාලව තුළමය.

ඊයේ (05) දින ඔහු තම නීරෝධායනය අවසන් කර නිවස බලා පැමිණ ඇත. නමුත් ඔහු නිවසට ගොස් නැති බව පොලීසිය විසින් කරන ලද විමර්ශනවලදී හෙලිවී තිබේ.ඔහු සම්බන්ධයෙන් සිදු කර ඇති අවසන් පී.සී.ආර්.පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ හෙතෙම කොරෝනා ආසාධිතයෙකු නොවන බවය.

නැවත වරක් ඔහුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර පසුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Related posts

පාසල්වල විෂමාචාර නවත්වන්න සමාජ බුද්ධි ඒකකයක්

Admin

පලාලි සිට ඉන්දියාව ඇතුළු ආසියා රටවල⁣ට ගුවන් ගමන් ලබන සැප්තැම්බරයේ සිට

colombotoday

පොදු ජන පෙරමුණේ නිල පුවත්පත එළිදකී

colombotoday

මහ කන්නයේ දී පොහොර ගන්න හෙක්ටයාරයකට 15000ක් ගොවි ගිණුම් වලට

Admin

එක්නැලිගොඩ අතුරුදන්වීම : තවත් බුද්ධි අංශ නිලධාරියෙක් අත්අඩංගුවට…

colombotoday

සෞදියේ ගෘහ සේවයට ගිය කතට ගිනි තබයි

Admin