Colombo Today Local News

“මුස්ලිම් ජනතාව අතරට දැන් අපි කොහොමද යන්නේ ?” – මුස්ලිම් කොන්ග්‍රස් ලේකම් නිසාම් කාරියප්පර් දුක කියයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරු 5 දෙනා අතරින් රවුෆ් හකීම් හැර අනෙකුත් මන්ත්‍රීවරු 4 දෙනා විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට පක්ෂව ඡන්දය ලබා දීමත් සමගම මුස්ලිම් ජනතාව ඉදිරියට යාමට නොහැකිව සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පර් සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පර් දැක්වූ අදහස්…

“ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකත්වය යටතේ ඒකමතිකව එකම තීන්දුවක් ගතයුතුයි කියන තීන්දුව තමයි අපි අරන් තිබ්බේ. අපි එවැනි තීන්දුවක් තමයි බලාපොරොත්තුවෙන් සිටියේ. නමුත් වුන දේ දැකලා අපි පුදුම වුනා. මුස්ලිම් ජනතාව අතරට අපි දැන් කොහොමද යන්නේ? නැගෙනහිර මුස්ලිම් ජනතාව අපි කොහොමද මුණගැහෙන්නේ? අම්පාර දිස්ත්‍රික් මුස්ලිම් ජනතාවට අපි මොනවද කියන්නේ. මේ පිළිබඳව පක්ෂයේ උත්තරීතර මණ්ඩලය තීන්දුවකට ආ යුතුයි. නායකත්වය ගත් තීන්දුවට එරෙහිව ඔවුන් කටයුතු කර ඇති බවයි මට පෙනෙන්නේ.”

Related posts

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගං වතුර අවධානමක්

colombotoday

බන්ධනාගාරවල තදබදය දිනෙන් දින ඉහලට

Admin

14 වැනිදාත් පාර්ලිමේන්තුව කල් දමනවා… බහුතරය පෙන්වීමක් නෑ….

colombotoday

කඩ කාමරයක් තුළ මියගිය කාන්තා මළ සිරුරක් හමු වෙයි

Admin

මුස්ලිම් ආගමික අමාත්‍යංශයේ අනුමැතියෙන් නේවාසික වීසා ලැබූ මුස්ලිම් ජාතිකයන් 200 ක් රට තුළ !

colombotoday

මගේ වැඩ ප්‍රශ්න කරන්න ජනපති කොමිසමට බැහැ – නීතිපතිගෙන් ලිපියක්

colombotoday