Colombo Today Local News

කථානායක ඥාති සංග‍්‍රහයක: සහෝදරයන්ට සහ පුතනුවන්ට ලබා දී ඇති තනතුරු මෙන්න

වත්මන් ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයෙක් සිය පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා පවුලේ ඥාතීන් පත් කර නොගන්නැයි කියා ජනාධිපතිවරයා ධුරයේ වැඩ භාර ගෙන කරන ලද රාජාසන කතාවේදී කරන ලද ඉල්ලීම නොතකා හරිමින් වර්තමාන පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අභයවර්ධන සිය කාර්ය මණ්ඩලයේ සියලූම තනතුරු සඳහා පවුලේ ළඟම ඥාතීන් පත්කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව සිය සහෝදරයා වන වසන්ත යාපා අභයවර්ධනට පුද්ගලික ලේකම් තනතුරක් ද තවත් සහෝදරයකු වන සරත් යාපා අභයවර්ධනට මාධ්‍ය ලේකම් තනතුරත් ලබා දී ඇති අතර කථානායකවරයාගේ පුතණුවන් වන චමීර යාපා අභයවර්ධනටත් තවත් සහෝදරයකු වන ඉඳුනිල් යාපා අභයවර්ධනටත් ඉතිරි සම්බන්ධීකරණ ලේකම් තනතුරු දෙක පිරිනමා ඇත. පී ආර් ඕ හෙවත් මහජන සම්බන්ධතා නිලධාරී තනතුර සිය මස්සිනා වන පේ‍්‍රමානන්ද කොමසාරුට ලබා දෙන්නට කාරුණික වූ කථානායකවරයා තවත් ව්‍යාපෘති ලේකම්වරු පහක් බඳවා ගැනීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් ඉල්ලා කැබිනට් පත‍්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ඉන් එක තනතුරක් සඳහා දැනටමත් ජනක යාපා අභයවර්ධන නම් ඉතිරි සහෝදරයාගේ නම යෝජනා වී තිබේ.

Related posts

ලංකාව අවදානම් රටක් ලෙස නම් කෙරේ… ලොව ආපදා බහුලම රටවල් අතර සිව්වැනි තැනට

colombotoday

රටකජු හා බඩඉරිඟු ආනයනය තහනම් !

colombotoday

NGO ඒජන්තයාගේ වෙළඳ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය !

colombotoday

සුනඛයා බේරාගන්න ගිය කතක් දුම්රියේ ගැටී මරුට

Admin

ප්‍රසිද්ධියේ සමාව ගත්තොත් ෆොන්සේකාට ඇමතිකමක් දෙන්නම් – ජනපති අගමැතිට කියලා…

colombotoday

අද සිට දිනපතා විදුලිය කැපෙයි

colombotoday