Colombo Today Local Newsfeatured

අල්ලන්න ඉන්න රිෂාඩ් උසාවිය ළඟට ඇවිත් යයි

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා මීට දින කිහිපයකට පෙර කොළඹ පිහිටි නීතිඥවරයකුගේ කාර්යාලයට පැමිණ තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ගොනුකළ රිට් ආඥා පෙත්සමට අදාළ ලියකියවිලිවලට අත්සන් තබා ගොස් ඇත.

මෙම පෙත්සම ඉකුත් 15 වැනිදා සිය නීතිඥවරු මාර්ගයෙන් ඔහු අභියාචනාධිකරණයට ගොනු කරනු ලැබීය.

ඔහු ඇතුළු සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් වී ඇත්තේ රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය හා පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා වන බැවින් අධිකරණ වරෙන්තු නියෝගයක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වැරදි බව පසුගිය 13 වැනිදා කොටුව මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දී තිබිණි.

එකී නියෝග අනුව රිෂාඞ් බදුර්දීන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහකාර පොලිස් අධිකාරිවරුන් කිහිපදෙනෙකුගේ මෙහෙයවීම යටතේ 60 කට අධික පොලිස් නිලධාරීන් යොදවා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දියත් කොට තිබියදී එම සියලූ පොලිස් නිලධාරීන්ගේ ඇසට වැලි ගසමින් කට්ටි පනිමින් සිටි සැකකාර රිෂාඞ් බදුර්දීන් කොළඹ ඉතා ජනාකීර්ණ ප‍්‍රදේශයක පිහිටි එකී නීතිඥ කාර්යාලය වෙත පැමිණ සිය කාර්යය නිමකර ආපසු ගොස් ඇති බව තතුදත් ආරංචිමාර්ග පවසයි.

ඒ. ජේ. ඒ. අබේනායක (Divaina News Paper)

Related posts

වරාය සේවකයන් වරාය පිවිසුම වට කරමින් විරෝධයේ

Admin

ජාති භේදයෙන් තොරව පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු සුදානම්

colombotoday

දිය වැලකට හසුවූ මව සහ පුංචි දියණිය පොලිස් විරුවෝ බේරාගනී

Admin

ගේට්ටුවෙන් බැරිනම් බෝට්ටුවෙන්.. දිනේෂ් අලුත් පාරකින් පාර්ලිමේන්තුවට !!

colombotoday

උතුරට යනවානම් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ගන්න වෙයි.. මැයි තුන සිට ක්‍රියාත්මකයි

colombotoday

අනුරාධපුරයේ කොරෝනා රෝගීන් 100ක් ගෙවල් වල

colombotoday