Colombo Today Local News

චීන දූත පිරිසට PCR පමණයි.. නිරෝධායනය කරන්න බෑ ඔවුන් චීනයේ බලවත් පිරිසක් – සෞඛ්‍ය ඇමතිනී පාර්ලිමේන්තුවේදී කියයි

විදෙස් රටවලට සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනාම දින 14ක නිරෝධායනයකට යටත් විය යුතු නමුත් ශ්‍රී ලංකාවට පැමිණි චීන රාජ්‍ය ත්‍රාන්තික පිරිස එලෙස නිරෝධායනය නොකරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

මෙලෙස ලංකාවට එන්නේ චීනයේ ඉහලම නිලධාරීයෙක් සහ කොමියුනිස්ට් පක්ෂයේ දෙවැනියා බවත් එවැනි ඉහළ මට්ටමක අය නිරෝධායනය කළ නොහැකි බවත් ඇය ප්‍රකාශ කළාය.

සාමාන්‍යයෙන් විදෙස් රටවල සිට එන පුද්ගලයන් නිරෝධායනය කරන නමුත් මේ එන කණ්ඩායම නිරෝධායනය කල නොහැකි බව ඇය නැවත නැවතත් කීවාය.

ඔවුන් ලංකාවට එද්දි පීසීආර් කරගෙන එන්නේ. ලංකාවට ආවම පීසීආර් කරනවා අපිත්. එතකොට තැන් දෙකකදී පීසීආර් කරනවා. අපේ ලැබ්වලත්

හර්ෂ ද සිල්වා – දැන් ලංකාවට එන හැම කෙනෙකුගේම පීසීආර් කරනවාද ඔබතුමාන්ලා?

පවිත්‍රා වන්නිආරච්චි – ඔව්. පුද්ගලික රෝහලක හෝ රජයෙන් කරනවා.

හර්ෂ ද සිල්වා – එන හැමෝම නිරෝධායනය කරනවාද ?

පවිත්‍රා වන්නිආරච්චි – මේ එන කණ්ඩායම නිරෝධායනය කරන්න බෑ.

නෑ සාමාන්‍යයෙන් නිරෝධායනය කරනවාද ?

පවිත්‍රා වන්නිආරච්චි – සාමාන්‍යයෙන් ඔව්.

හර්ෂ ද සිල්වා – සාමාන්‍යයෙන් එන අය කරාට මේ අය කරන්නේ නෑ?

පවිත්‍රා වන්නිආරච්චි – මේ කලබලයට උත්තර දෙන්න බෑ. නමුත් මේ අය නිරෝධායනය කරන්න බෑ. මේ අය දවසකට විතරයි එන්නේ. මේ අය චීනයේ ඉහළම තලයේ ඉන්න නිලධාරීතුමෙක් එන්නේ.

පවිත්‍රා වන්නිආරච්චි – කොමියුනිස්ට් පක්ෂයේ පෝලික් බියුරෝ එකේ දෙවැනියා මම හිතන විදියට. චීනය කොමියුනිස්ට් පක්ෂය ඔබ දන්නවා ඇති එම පක්ෂය කොයි ආකාරයටද රජ්‍ය කරගෙන යන්නේ කියලා. එවැනි ඉහළ මට්ටමක අය නිරෝධායනය කරන්න බෑ.

කොරෝනා වෛරසය වසංගතය ශ්‍රී ලංකාවේ පැතිරීම ආරම්භ වූ දා සිට විදෙස් රටවල සිට එන සියලුදෙනාට දින 14ක නිරෝධායනය අනිවාර්ය කෙරිණි.

උපුටා ගැනීම – media.lk

Related posts

දිවයින පුරා වෛද්‍යවරු අදත් වර්ජනයේ

colombotoday

කෝටි හතර හමාරකට විකිනීමට ගිය ගජමුතු යුගලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

ඉන්දීය මහකොමසාරිස් ගංගාරාම විහාරස්ථානයට

Admin

ජනපති ඇමරිකානු පුරවැසිභාවය 2019 අප්‍රේල් ඉවත් කරගෙන. ඇමරිකානු රජය නිවේදනය කරයි.

colombotoday

කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා දෙන්න පියවර ගන්නවා- සජිත්

colombotoday

කොවිඩ් දේහ ආදාහනය පමණක් කළ යුතුයි | සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday