Colombo Today Local News

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට නිවේදනයක්

මෙවර උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් සිදු කර තිබේ.

පවතින තත්වය හමුවේ සිසුන්ගේ පෞද්ගලික තොරතුරු රැස්කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර අදාළ තොරතුරු නිවැරදිව සම්පුර්ණ කරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මේ වන තෙක් ප්‍රවේශපත් නොලැබුණු අයදුම්කරුවන්ට අදාළ ප්‍රවේශපත්‍රය සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස http://www.slexams.com/ ඔස්සේ බාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

නිවේදනයක් නිතුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඒ බව සඳහන් කළේය.

මේ අතර, කොවිඩ් 19 වෛරසයේ ව්‍යප්තිය හේතුවෙන් විභාග මාධ්‍යස්ථානයන් හි පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ වී විභාග මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ විශබීජහරණ කටයුතු හා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ඒ ඒ විභාග මධ්‍යස්ථානවලට විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පති හෝ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකු අතිරේක ශාලාධිපති (ස්ථානභාර) ලෙස පත් කර ඇත.

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය ඔක්තොබර් මස 12 වන දින සිට 2020 නොවැම්බර් මස 06 වන දා දක්කවා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2684ක දී පැවැත්වීමට සියලු කයුතු සූදානම් කර අත.

ඒ සඳහා අයදුම්කරුවන් 362,824 දෙනෙකු අයදුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

පොහොට්ටුව කුරුණෑගල මහ නගරසභාවේ බලය අල්ලයි… නගරාධිපති, උපනගරාධිපති පොහොට්ටුවෙන්

colombotoday

IOCයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් හත්දහස් පන්සීයයක් කොළොන්නාව තෙල් පර්යන්තයට

colombotoday

මහ කන්නයේ දී පොහොර ගන්න හෙක්ටයාරයකට 15000ක් ගොවි ගිණුම් වලට

Admin

ජාතික හැඳුනුම්පතත් ඩිජිටල්කරණයට

colombotoday

“විහාරස්ථානවලට අත තියන්න ආණ්ඩුවට තියා කාටවත් ඉඩ දෙන්නෑ“ – බුද්ධශාසන ඇමති

colombotoday

G77 රාජ්‍ය නායක සමුළුව අද කියුබාවේ හවානා නුවරදී..

Admin