Colombo Today Local News

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනාධිකරණය දුන් නියෝගය

සුරාබදු පනත යටතේ සිදු කළ වරදක් සම්බන්ධයෙන් නීතියෙන් නියම කළ හැකි උපරිම දඩ මුදල ඉක්මවා අයකර ගනු ලැබූ රුපියල් තිස් හය ලක්ෂ පනස් දහසක මුදලක් ආපසු ගෙවන ලෙස අභියාචනාධිකරණය විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.

මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය කරනු ලැබීය.

නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.මේරි පෙරුමාල් ඇතුළු තුන් දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය සිදුකළේය.

පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ, තමන් විසින් පවත්වාගෙන ගිය මත්පැන් හලක් වැටලු සුරාබදු නිලධාරීන් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කර රුපියල් ලක්ෂ 40 ක මුදලක් දඩ වශයෙන් ගෙවන ලෙස නියෝග කළ බවය.

සුරාබදු පනත යටතේ අදාළ වරද සඳහා අය කළ හැකි උපරිම දඩ මුදල රුපියල් ලක්ෂ 5 ක් බව පෙන්වා දුන් පෙත්සම්කරුවන් ඒ අනුව තමන් වෙත නියම කර ඇති දඩය නීති විරෝධී බව කියාසිටියේය.

ඒ අනුව එම කරුණු පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන් වෙත නියම කර ඇති දඩය නීතියට පටහැනි බව තීන්දු කළේය.

ඒ අනුව දැනට නියම කර ඇති රුපියල් ලක්ෂ 40 ක දඩ මුදලින් රුපියල් තිස් හය ලක්ෂ පනස් දහසක මුදලක් ආපසු පෙත්සම්කරුවන් වෙත ගෙවන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනාධිකරණය සිය තීන්දුවෙන් නියෝග කර තිබේ.

Related posts

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක්

Admin

පදිංචිකරුවන් අතහැර විල්පත්තු රක්ෂිතයේ නව මායිම් ගැසට් කරනවා – නීතිපති අධිකරණයට දන්වයි

colombotoday

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණයක් නෑ.. තීරණාත්මක සාකච්ඡාවක් අද දහවල්…

colombotoday

උතුරේ වැලි ජාවාරම්කරුවන් බේරාගන්න මානව හිමිකම් කොමසාරිස්‌ සහයට එයි?

colombotoday

විහාරස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක්…

colombotoday

තලතා සියළු තනතුරු අතහැර දේශපාලනයෙන් සමුගන්න යයි !!!

colombotoday