Colombo Today Local News

රවීගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය කල්දෙයි

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කළ පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් මේ මස 14 වනදා දක්වා නීතිපතිවරයාට කල් ලබා දී තිබේ.

2016 වසරේ සිදුකෙරුණු මහ බැංකු බැඳුම්කර නිකුතු දෙකක දී රුපියල් බිලියන 52 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු විසින් ගොනුකර තිබෙන පෙත්සම් අද (04)දින නැවතත් අභියාචනාධිකරණය සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයා වෙත මේ මස 14 වනදා දක්වා කල් ලබා දුන්නේය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, චිත්ත රන්ජන් හුළුගල්ලේ සහ ශ්‍රී ලංකා මහ බැකුවේ නිලධාරීන් දෙදෙනෙකු වන එස්. පත්මනාදන් සහ ඉන්දික සමන් කුමාර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Related posts

බුදු පිළිම ගලවනවලු.. හමුදා කදවුරු ඉවත් කරනවලු.. එහෙම දේවල් වෙනවද – ජනපති අසයි

colombotoday

ගැබිනි මවුවරුන්ට දෙනවා කිව්ව පෝෂණ මල්ල තවමත් නෑ !

colombotoday

ප්ලාස්ටික් නියාමනයට ගැසට් පත්‍ර දෙකක්

colombotoday

“හිඟාකාල හරි ළමයින්ට කෑම වේලක් දෙනවා.” – ඇමති සුසිල් ළමයින්ට කන්න දෙන්න දැඩි උනන්දුවක්

colombotoday

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි

Admin

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක්

colombotoday