Colombo Today Local News

රහස් ඡන්දයක් තියා එජාප නායක තේරිය යුතු බව නවින් දිසානායක කියයි

එක්සත් ජාතික පක්ෂයේ මීලග නායකයා තොරාගැනිම රහස් ජන්දයකින් සිදු විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් එජාප අපෙක්ෂක නවින් දිසානායක මහතා පවසයි.

නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ මැතිවරණ ප්‍රචාරක රැස්විමක් ගිනිගත්හේන මිනුවන්දෙණිය ප්‍රදේශයේ පැවැත්විමෙන් අනතුරුව මාධ්‍යයවේදින් නැගු ප්‍රශ්න වලට පිලිතුරු ලබාදෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ,

පක්ෂ නායකත්වය තොරන්නේ රහස් ජන්දයකින්, රහස් ජන්දයක් කියන්නේ පොරයක් තමයි, ප්‍රජාතන්ත්‍රවාදිව සිදු වන දෙයක්. පක්ෂයේ ව්‍යවස්ථාන අනුව පක්ෂය කඩන්නේ නැතුව තමයි එක් සිදු වෙන්නේ.

2011 දි සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායකයා වුණේ රහස් ජන්දයකින්.

බැදුම්කරය ගැන යලි යලි කරලියට රැගෙන ඒම දේශපාලන මඩ ගැසිමක්, බැදුම්කරය ගැන වාර්තාවක් ඇවිල්ලා තියෙනවා.

ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙනවා, වැරදි කරුවන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියන එක තමයි එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය.

බුවනෙකබාහු රජු සමයේ ඉදි කල රාජ සභාව කඩා දැමිම සම්පුර්ණයෙන්ම වැරදි දෙයක්, එ පිලිබදව පරික්ෂණයක් පවත්වලා නගරාධිපතිව අත්අඩංගුවට ගන්න අවශ්‍යයි.

Related posts

පෙට්‍රල්, ඩීසල් අලෙවිය අඩු වෙයි

Admin

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචියක් සිදුවන්නේ නෑ

colombotoday

ඔක්සිජන් හිඟයක් ඇති වී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකියි – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

colombotoday

කවුද යකෝ අනුරට බොරු කියපු එකා???

colombotoday

සහරාන්ගේ පුහුණු තිප්පොළක් මහනුවර, අරුප්පලින් අල්ලයි

colombotoday

උතුරට ඉඩම් සහ පොලිස් බලතල දෙන්නෙ නෑ

Admin