Colombo Today Local News

හෝමාගම සිසුවෙකුට කොරෝනා සියල්ල නිරෝදායනයට කොරෝනා පරීක්ෂණ 65ක් අවසන්

කොරෝනා ආසාදිතයන් තිදෙනකු හෝමාගම කහතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වීම හේතුවෙන් ප‍්‍රදේශයේ පුද්ගලික උපකාරක පංතියකට සහභාගී වූ සියලුම සිසු සිසුවියන් ඔවුන්ගේ දෙමව්පියන් ගුරුවරුන් ඇතුළු 65 දෙනකු කොරෝනා පරීක්ෂාවට ලක් කර තිබේ.

අදාල ආසාදිතයන් තිදෙනාගෙන් දෙදෙනෙකුම දරුවන් වන අතර ඉන් එක් දරුවෙකු සහභාගී වූ උපකාරක පන්තියකට සහභාගී වූ පිරිසට මෙම පරීක්‍ෂාව කර ඇත.

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පවසන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය උපදේශකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුගේ ආශ‍්‍රිතායන් ලෙස නිරෝදායනයට ලක් කර සිටියදී අදාළ පුද්ගලයන් තිදෙනා කොරෝනා ආසාදිතයන් බව හෙලි වූ බවයි.

ආසාදිත බව හෙලි වූ පළමු වසරේ ඉගෙනුම ලැබූ සිසුවා පිළියන්දල ප්‍රදේශයේ ගුරුවරියකගේ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී ඇති නිසා ඊට සහභාගී වූ සිසුන් පිරිස සොයා ඔවුන් නිවෙස් තුළ නිරෝධානයට ලක් කර කොරෝනා පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කරයි.

Related posts

සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්

Admin

මේ රටේ කොතනත්, ධර්මදේශනා නවත්වන්න අපට බෑ.. පොලීසිය කුලියාපිටියේ මව්ලවිට දන්වයි

colombotoday

ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු දිනකට විදේශීය සංචාරකයින් 300 ක් ගෙන්වන්න අවසර

colombotoday

සම්බන්ධන් ඇතුළු පිරිස ගිය වාහනවලට සෙරෙප්පුවලින් පහර දෙති

colombotoday

තෙල්දෙණියේ ගැටුම නිසා අගමැතිට සුබ ආරංචියක්

colombotoday

මහ මැතිවරණයෙන් පස්සේ හොරු අල්ලනවා

Admin