World

පාසල් සිසුවියක් සහ සිසුවෙක් මියයාමෙන් බෙංගාලයේ පළාතක ගැටුම් පොලිස් නිලධාරින් ඇතුළු 30ට තුවාල

15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අභිරහස් ලෙස මිය යෑමෙන් අනතුරුව ඉන්දියාවේ බෙංගාලයේ උතුරු දිනාජ්පූර් දිස්ත්‍රික්කයේ හටගත් ගැටුම්වලින් පොලිස් නිලධාරින් ඇතුළු 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

ජනතාව චෝදනා කරන්නේ දැරිය දූෂණය කර මරා දමා ඇති බවය.

නමුත් පොලීසිය පවසන්නේ දැරිය යම් විසක් ශරීරගත වී මියගොස් ඇති බවත් එය පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවත් ය.

ඇයගේ සිරුර සොයාගනු ලැබුවේ ඉරිදා ය.

නමුත් ඊයේ පිරිමි ළමයෙකු ගේ මළ සිරුරක් ද එම ප්‍රදේශයෙන් හමු විණි.

එම සිරුර ජලය පිරි පොකුණක තිබී හමු වී තිබේ.

පොලීසිය පැවසුවේ ඉරිදා මියගොස් තිබූ පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් එම සිසුවාගේ නම සිසුවියගේ පියා විසින් පොලීසියට ලබා දී තිබූ බව වාර්තා වේ.

Related posts

නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදකී…

Admin

වසර 20කට පසු කළකම් පළදෙයි.. මුවන් දෙදෙනෙකු මැරුවාට සල්මන් ඛාන් වසර 05ක් හිරගෙට

colombotoday

ඉන්දීය මන්ත්‍රීවරුන් 141කගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි

Admin

ගිනියාවේ රාජ්‍ය බලය හමුදාව අතට

colombotoday

යුක්රේන හෙලිකොප්ටර් රුසියාවේ තෙල් ගබඩාවකට පහර දෙයි

colombotoday

කොරෝනා වෛරස ආසාදිතයින් හමු නොවූ රටවල් 10ක්

colombotoday