Colombo Today Local News

හිටපු කැබිනට් ඇමැතිවරයෙක් සූර්යබල ව්‍යාපෘතියක් අනුමත කිරීමට රුපියල් කෝටි පනහක් අල්ලස් අරන්

පසුගිය ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක් සූර්යබල ව්‍යාපෘතියක් අනුමත කිරීම සඳහා රුපියල් කෝටි පනහක මුදලක් ලබාගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී විෂය භාර ඇමැති මහින්ද අමරවීර ඉදිරිපිටදීම මේ බව කී සභාපතිවරයා තමා මේ හෙළිදරව්ව කරන්නේ ඉතාම වගකීමන් යුතුව බවද පවසයි.

පසුගිය 23 වැනිදා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට පැමිණි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු මේ බව පැවසූ බවත් ඔහු සඳහන් කළ පරිදි අදාළ ඇමැතිවරයාගේ අනුගාමිකයකුට මෙම කෝටි පනහක මුදල ලබාදී සූර්ය බල ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාගෙන ඇති බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කරයි.

මෙම සිද්ධිය වූ කාල වකවානුවේදී තෝරාගත් පිරිසකට පමණක් සූර්ය බල විදුලි ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාදී ඇති බවත් එවකට එම විදුලි ඒකකයක් රුපියල් 22ක් වැනි මුදලකට මිලදී ගත් බැවින් රුපියල් කෝටි 50ක් වැය කළ ද අධික ලාභයක් ලැබීමට එම ව්‍යාපාරිකයන්ට හැකිවී ඇති බවක් සභාපතිවරයා සඳහන් කරයි.

සූර්ය බල විදුලි ඒකකයකින් පවා විදුලිබල මණ්ඩලයට රුපියල් දහයකට අධික පාඩුවක් විඳීමට සිදු වූයේත් අවසානයේ මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත්වූයේත් මෙවැනි දූෂිත පාලකයන් නිසා බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටි.

Related posts

යුධ හමුදාපතිවරයාව මානව හිමිකම් කොමිසමට කැඳවයි. වරද මුලතිව් හී 64 සේනාංකය පන්සලක් ඉදිකිරීම

colombotoday

කිල්ලෝටයේ හුණු ! රජිත් කීර්ති “දූෂණ විරෝධයෙන්“ ඉවතට

colombotoday

බුදුන්ට අපහාස කල දිවැසිවරයෙකු කියාගන්නා ජෙරොම්ට දෙවියන්ගෙ පිහිට නැතිවෙයි.

Admin

පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් හෙට ඇරඹෙයි

colombotoday

යහපාලන ආණ්ඩුව පෙරපාසල් යා යුතුයි – සරත් විජේසූරිය

colombotoday

මහනුවර ගැටුමෙන් මියගිය දෙදෙනාගේ නිවෙස් වෙත රවී යයි.. මන්ත්‍රී වැටුපෙන් මුදල් පරිත්‍යාග කරයි

colombotoday