Colombo Today Local News

ලොරි රථයකට කඩා වැටුණු අධි බලැති විදුලි රැහැන පුද්ගලයින් දෙදෙනෙකුට මරු කැදවයි

මහවෙල, මඩඋල්පත ප්‍රදේශයේදී ලොරි රථයකට අධි බලැති විදුලි රැහැනක් කඩා වැටීමෙන් විදුලි සැර වැදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ලොරි රථය නවතා තිබූ අවස්ථාවේදී වොට් 33,000 ක අධි බලැති විදුලි රැහැනක් එය මතට කඩා වැටී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.

එම අවස්ථාවේදී ලොරි රථයේ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.

අනෙක් පුද්ගලයා ලොරි රථයෙන් ඉවතට පැන දිවි බේරාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

ලාංකික ධීවරයින් 12ක් සීෂෙල්ස් මුහුදු සීමාවේදී අත්අඩංගුවට

colombotoday

නව කොරොනා වෛරසයෙන් මිදිමට අනුගමනය කල යුතු සෞඛ්‍ය පුරුදු

colombotoday

අල්ලන කුඩු කෝ..

Admin

පන්දාහේ දීමනාව දෙන්න රුපියල් කෝටි 2700 ක් වෙන් කරයි.

colombotoday

ජනපති – අගමැති අනුමැතිය ලැබේ.. ග්ලයිපොසෙට් තහනම් ඉවත් කෙරේ

colombotoday

පොලිසියට තොරතුරක් – පානදුර මුස්ලිම් දේවස්ථාන අසලට දැඩි ආරක්ෂාවක්

Admin