Colombo Today Local News

කුවේටයෙන් පැමිණි විශාල ප්‍රමාණයකට කොරෝනා ආසාදනය වෙයි. කටාර් සිට පැමිණීමට තිබූ ගුවන් ගමන අවලංගු කරයි.

කුවේට් රාජ්‍යයේ සිට ඉකුත් 19 දින මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් 466 දෙනා අතරින් , මේ වනවිට නීරෝධායනය වෙමින් සිටින 70 කට පමණ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග , හෙට (26) දින කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන ඒමට සැළසුම් කර තිබූ ගුවන් ගමන තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කළ බව විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය .

හෙට (26) දින අලුයම 5.45 ට කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට, එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට සැළසුම් කර තිබුණි.

මේ අතර ඉකුත් 19 දින කුවේටයේ සිට පැමිණි පිරිසට කටුනායක ගුවන් තොටුපළ තුළ දී අවශ්‍ය සේවා සැපයූ ගුවන් තොටුපළ සේවකයින්, සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ හමුදා භට පිරිස් වලට අයත් විශාල ප්‍රමාණයක් අද (25) දින පී.සී.ආර්.පරීක්ෂණ වලට භාජනය වූ බව කටුනායක ගුවන් තොටුපළ ප්‍රකාශකවරයෙකු පැවසීය .

එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව දකුණු අප්‍රිකාවේ මාස දෙකක පමණ කාළයක් රැදී සිටි ශ්‍රී ලාංකිකයෙකු අද (25) දින රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යායානයකින් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඔහු අද (25) දින රාත්‍රී 6.45 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔහු එමිරේට්ස් ගුවන් සේවයේ තාක්ෂණික නිනිලධාරීවරයෙකු ලෙස කටයුතු කරන අයෙකු වන අතර , වැඩිදුර පුහුණුවක් සදහා දකුණු අප්‍රිකාවට ගොස් සිටියදී , මෙසේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වී එරට තුළ කොටු වී තිබේ.

කටුනායක ටී.කේ.ජී.කපිල

Related posts

ඇෆ්ගනිස්ථානයට ඇමරිකාව ලබාදුන් හෙලිකොප්ටර් ඇතුළු නවීන අවි තලේබාන් අත්පත්කර ගනියි. | ඩොලර් බිලියන 83 ක් වතුරේ

colombotoday

කසළ ගොඩ ගැසේ.. කොළඹ ම දුගද හමයි.. වසංගත රෝග අවදානමක් ! සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

colombotoday

“ආයෙ ආයේ නොම ඉවසන්“.. අන්තරේ පා ගමනට පොලීසියෙන් කදුළු ගෑස්.. ජල ප්‍රහාර

colombotoday

හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලාබසී

Admin

ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල යළි අඩු වෙයි

Admin

පා.ම නාලක ගොඩහේවාගේ නිවසටත් ගිනි තබයි – සංවේදී සටහනක්

colombotoday