Colombo Today Sports News

ක්‍රිකට්, රග්බි, සහ පාපන්දු යන ජාතික සංචිතවල පුහුණුවීම් ඇරඹීමට සූදානම්

කොරෝනා වෛරසයේ අවදානම අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් මිලියන 15ක් පිරිනමා තිබේ.මෙම මුදලින් කොරෝනා වෛරස් ආසාධිතයන් හඳුනාගැනීම් පරීක්ෂණ වන PCR පරීක්ෂණ යන්ත්‍රයක් ඇතුළු පරීක්ෂණ උපකරණ මිලදී ගැනීමට නියමිත බවයි සඳහන්.
මෙම දැවැන්ත මුදල පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා පවසන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව මෙම ප්‍රදානය කළ බවයි.
මීට අමතරව ක්‍රිකට්, රග්බි, සහ පාපන්දු යන ජාතික සංචිතවල පුහුණුවීම් පමණක් ලබන ජුනි මස 01 වැනිදා ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අනුමැතිය ලබාදී ඇති අතර සෑම ක්‍රීඩකයෙක්ම PCR පරීක්ෂණ දෙකකට යොමු කිරීමට ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ නිර්දේශ කර තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් PCR පරීක්ෂණ යන්ත්‍රය ඇතුළු මෙම වෛද්‍ය උපකරණ ලබන 26වනදා පෙරවරුවේ වෛද්‍ය ආයතනයට භාරදීමට නියමිතව තිබෙනවා.

Related posts

යුපුන් අබේකෝන්ගෙන් මීටර 100 නව දකුණු ආසියානු වාර්තාවක්

colombotoday

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනල්ඩීනියෝටත් කොවිඩ් වැළදේ

colombotoday

ටෙස්ට් පිලේ නායකත්වය ධනංජය ද සිල්වාට

Admin

පාකිස්ථාන – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

colombotoday

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම 2023 ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලබයි

colombotoday

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ..

Admin