Colombo Today Local NewsCovid 19

ඊයේ මරණයට පත්වූ රෝගියාට කොවිඩ් ඇතැයි සොයාගෙන ඇත්තේ ඊයේ දිනයේදීයි

නව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ දිනයේදි ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ ඊයේ දිනයේදීම බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

73 හැවැරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් ඒ මහතා පැවැසීය.

ඔහු කොවිඩ් රෝගියෙකු බවට හඳුනාගෙන කොළඹ අයි.ඩී.එච්. රෝහලට මාරු කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්වූ බවත් අධ්‍යක්ෂ ජනරල්වරයා පැවැසීය.

මෙම රෝගියා දියවැඩියාව, අධික රුධිර පීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම යන රෝග තත්ත්වයන්ගේ පෙළී ඇති බවත් රෝගියා රෝහල්ගතවී ඇත්තේ රෝගය උත්සන්න වූ අවස්ථාවේදී බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.

Related posts

ජනපතිට තනපටයක් තරම්වත් ශ්‍රීපාදය වටින්නෑ වගේ.. ඔබ කාටද හිමි ඉඩම් පුතේ !!

colombotoday

නව රජය පත්වීමත් සමග පාතාලය නිහඬ වෙලා

colombotoday

අදයි හෙටයි කරන්ට් නොකැපෙයි! – විදුලි බල මණ්ඩලය

Admin

පොහොය දිනවල උපකාරක පංති නවතයි

colombotoday

“බස් ගාස්තු 15%කින් වැඩි කරණු.. නැතිනම් ජූලි 4 සිට ස්ට්‍රයික්” – බස් ගැමුණුගෙන් තර්ජණ

colombotoday

ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin