Covid 19World

ලොව පුරා කොවිඩ් 19 මරණ 19675 යි – ආසාදිතයන් 438749 යි

මේ වන විට ලොව පුරා වේගයෙන් ව්‍යාප්තවන කොවිඩ් 19 හේතුවෙන් මරණ 19675ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 438 749ක් දක්වා වෙගයෙන් වර්ධනය වී තිබේ.

මරණ අතරින් වැඩිම ප්‍රමාණයක් ඉතාලියෙන් වාර්තා වන අතර එය 6820කි. එය සමස්ත මරණ සංඛ්‍යාවෙන් තුනෙන් එකකට ආසන්නය.

ඉන් අනතුරුව ස්පාඤ්ඤයෙන් මරණ වාර්තා වන අතර එම සංඛ්‍යාව 3434කි. තෙැවැනි ස්ථානයේ චීනය පසුවෙයි.චීනයෙ හුබෙයි පළාතේ මරණ 3163කි. ඉරානයේ මරණ 2077ක් වාර්තා වන අතර ප්‍රංශයේ මරණ 1100කි. එංගලන්තයේ මරණ 433කි.

කොවිඩ් 19 ආසාදිතයන් වැඩිම ප්‍රමණයක් චීනයෙන් වාර්තා වෙයි. එම අගය 81661කි. ඉන් අනතුරුව ඉතාලිය 69176, ඇමෙරිකාව 55243, ස්පාඤ්ඤය 47610, ජර්මනිය 35353, ඉරානය 27017, ප්‍රංශය 22637, ස්විට්සර්ලන්තය 10456,දකුණු කොරියාව 9137, එක්සත් රාජධානිය 8317ක් ලෙස රෝගීන් වාර්තා වී තිබේ.

මේ දක්වා කොවිඩ් 19 ආසාදනය වූවන්ගෙන් 111895ක් සුවය ලබා ඇති අතර ඉන් වැඩිම පිරිසක් චීනයේ හුබෙයි පළාතෙන් වාර්තා වෙයි. එම අගය 60811.

තොරතුරු ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලය

Related posts

හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මරුට

Admin

මග්ගොන ඇතුළු ග්‍රාම නිලධාරී වසම් තුනකට තාවකාලික සංචරණ සීමා

colombotoday

කුලියාපිටියේ කොවිඩ් ආසාදිතයින් 25ක්

colombotoday

ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉරාකයේ – සිරියාවේ සිවිල් වැසියන් 800ක් මරුට

colombotoday

අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් දින 18ක් තුළ මරණ 337ක්

colombotoday

ටෙක්සාස්හි වෙඩිතැබීමෙන් මිය ගිය ගණන 22 දක්වා ඉහළට

colombotoday