extremism & terrorism activitiesWorld

ඇෆ්ගනිස්තානයේ සීක්-හින්දු ආගමික ස්ථානයකට ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීහු පහර දෙති. 25ක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සීක්-හින්දු ආගමික ස්ථානයකට අද (25) එල්ල වූ ප්‍රහාරයකින් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

‘‘අද එල්ල වූ ප්‍රහාරයෙන් අවාසනාවන්ත විදියට 25 දෙනකු ජීවිතක්ෂයට පත්වුණා. අට දෙනෙක් තුවාල ලැබුවා’’ යැයි ඇෆ්ගනිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක තරීක් ආරියන් පැවැසීය.

ආගමික ස්ථානයේ සිටි 80 දෙනකු මුදාගත් බවත් හෙතෙම කීය. ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීහු ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි.

ආරක්ෂක අංශ සහ ප්‍රහාරකයන් අතර පැය කිහිපයක් තිස්සේ වෙඩිහුවමාරු වූ බවත් ප්‍රහාරය එල්ලකළ තුවක්කුකරුවන් සියලු දෙනා හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් මියගිය බවත් ඇෆ්ගන් බලධාරීහු සඳහන් කරති.

Related posts

මාස 20 ක් ඇතුළත ISIS ත්‍රස්තයෝ විසි පන්දහසක් මරුට !

colombotoday

වායු දූෂණය හේතුවෙන් ලොව සිදුවූ පළමු මරණය ?

colombotoday

Video – මීලග ISIS ප්‍රහාරය බ්‍රිතාන්‍යයට – ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තයන් වීඩියෝවක් නිකුත් කරයි

colombotoday

මුස්ලිම් නම් 29ක් චීනයේ තහනම් වෙයි.. මොහොමඩ්ලාට, සදාම්ලාට මින් පසු චීනයේ ඉඩ නෑ !

colombotoday

පැනමාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

සූවස් ඇළේ සිරවුණු නෞකාව ලෝක ආර්ථිකයත් සිර කරන ලකුණු

colombotoday