Colombo Today Local News

නායකත්වය දෙන්නේ නෑ,බැරිනම් පක්ෂයක් හදාගෙන යනු – රනිල් සජිත්ගේ මූණටම කියයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබේ.

එම සාකච්ඡාව අවසන් වූයේ කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව සිරිකොත ආරංචි මාර්ග කියයි.

මීළඟ මහ මැතිවරණය සඳහා බිහි කරන නව සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවය පළ කර ඇති නමුත් පක්ෂයේ නායකත්වය ලබා දීමට ඔහු කිසිසේත්ම එකඟ නොවන බව දැනුම්දී ඇත.

ඊය විරෝධය පල කර ඇති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ තමන් අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් පක්ෂ නායකත්වයද ලැබිය යුතු බවයි.

එසේ නොවන්නේ නම් අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී මැතිවරණය මෙහෙයවා ජයගන්නා ලෙස ලෙසද ඔහු නායකත්වයට දන්වා ඇත.

නායකත්ව බලතල නැතිව මැතිවරණය මෙහෙයවා ජනාධිපතිවරණයේදී මෙන් පරාජය වීමට තමන් සූදානම් නැති බව ද ඔහු පෙන්වා දී ඇත.

සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ පාර්ශවයක් දිගින් දිගටම කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබෙන්නේ නම් මීළඟ මහා මැතිවරණය වෙනම සන්ධානයක් ලෙස තරග කරන බවයි.

Related posts

මැති ඇමැතීන් පිරිසක් ළඟදීම ඒකාබද්ධයට – විජයදාස ශ්‍රීලනිපයට?

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

“දොස්තරලා කියන්නේ කාමුකයෝ, ගෙවලයෝ, නිවටයෝ.. අසභ්‍ය වීඩියෝ මා සතුයි” රාජිත පුත් චතුර පවුල වෙනුවෙන් සටනේ

colombotoday

“අද මේ රට පාලනය කරන්නේ දෙමළ බෙදුම්වාදයේ වහල්ලු” – රට බෙදන උතුරේ යෝජනා ගැන විමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

පියයුරු පිළිකා සෛල නසන මීමැසි විස

colombotoday

22 දෙවනවර කියවීමේ විවාදයට දින දෙකක්

colombotoday