Colombo Today Local News

බඩුමිල, හඬපට අර්බුද අස්සේ විදුලිය කප්පාදුවකට මණ්ඩලේ සැරසෙයි !

ලබන මාසය පමණ වනවිට විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය සූදානම් වන බව වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ ජල විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් ජලය බලාගාර ආශ්‍රිත ජලාශවල නොතිබීම සහ විදුලි උත්පාදනය සඳහා තවදුරටත් ණයට ඉන්ධන ලබාදීම ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් අත්හිටුවීම හේතුවෙනි.

රටේ සාමාන්‍ය දෛනික විදුලි ඉල්ලුම වන මෙගාවොට් 450 ක ප්‍රමාණය මේ වනවිට මෙගාවොට් 500 දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි. ඊට හේතු වී ඇත්තේ දැඩි උණුසුම් සහිත කාලගුණ තත්වයක් බලපා තිබීම නිසාය.

දෛනික විදුලි ඉල්ලුම ඉහළ යාම සහ විදුලි උත්පාදනය බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුවකට යාම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි විදුලි ඉංජිනේරුවරුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව දෛනිකව පැය කිහිපයක විදුලි කප්පාදුවක් බලාපොරොත්තුවෙන් සිටින ලෙස ඉංජි‍නේරුවරුන් ‍පවසනවා.

පවතින විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා නව විදුලි බලාගාර ඉදිකිරීමට හෝ තරගකාරී මිල ගණන් යටතේ පෞද්ගලික අංශයේ විදුලිය මිලදී ගැනීමට හෝ සිදුව තිබෙන අතර කෙසේ වෙතත් නව විදුලි බලාගාර ඉදිකිරීම දිගුකාලීන වැඩපිළිවෙළකි. එසේම පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම ද විදුලිබල මණ්ඩලයට දරාගත නොහැකි වී තිබෙන බැවින් විදුලි කප්පාදුවක් හැර වෙනත් කිසිදු විකල්පයක් මේ වනවිට විදුලිබල මණ්ඩලයට නොමැත.

Related posts

ඥානසාර හිමි නිදහස් කිරීමට ජනපති පියවර ගත යුතුයි – අමාත්‍ය පී දිගම්බරම්

colombotoday

රාජ්‍ය ව්‍යවසායන්හි කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමේ පුවරුවක්

Admin

කඩු හමුවූ එකේ පුදුමය කුමක්ද? රවූෆ් හකීම් අසයි

colombotoday

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම – මන්ත්‍රී රත්තරන්ට ඇප

colombotoday

ආගම් විකෘති කිරීම වළක්වමින් ආගමික නිදහස තහවුරු කිරීමට නව පනතක් ගෙන එන බව බුද්ධ ශාසන ඇමති කියයි..

Admin

අලි සබ්‍රි හොද නීතිඥයකු වුවත් ඔහු දන්නා වෙදකමක් නැත. | තම ප‍්‍රජාව චූන් කිරීමට ශීතාගාර ගෙනවිත් ලැබුණු ජනවරමට නිගා දියයුතු නැත.

colombotoday