Colombo Today Local News

කෙහෙළියට වරෙන්තු, දුටුතැන අල්ලන්න නියෝග

141222173640_keheliya_rambukwella_512x288_bbc_nocredit

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත. අතුරුදන් වූ ලලිත කුමාර්, වීරරාජු සහ කූගන් මුරුගානන්දන් අතුරුදන් වීම සම්බන්ධ නඩුව විභාගයට ගැනුණු අවස්ථාවේ යාපන මහේස්ත්‍රාත් පී.සිවකුමාර් මහතා විසින් මෙම වරෙන්තු නිකුතු කර ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය රජයේ කැබිනට් ප්‍රකාශකවරයාව සිටිය දී අදාල අතුරුදන් වීම සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර අදහස් දක්වා ඇති බව ඔවුන්ගේ ඥාතීන් චෝදනා කර ඇත. එම නඩුවට අදාලව අධිකරණයේ පෙනී සිටින මෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට තුන් වතාවක්ම නොතීසි නිකුත් කර ඇතත් ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස ‍වරෙන්තු නිකුත් කර ඇත.

Related posts

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක්ට මත්ද්‍රව්‍ය දෙන්න ආ බවට සැක අයෙක් අත්අඩංගුවට

colombotoday

ඇනහිට තිබූ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

කොටි සිරකරුවන්ගෙ උපවාසය ගැන TNA ජනපති සමග සාකච්ඡා !

colombotoday

තලංගමදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා මරුට

Admin

අලියාගෙන් වෙන්වූ මනෝ ගනේෂන් ඉනිමගේ නගී !

colombotoday

මතුගමින් බෝම්බයක් මතුවෙයි…

colombotoday