Colombo Today Local News

ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ඇරඹීමේ තීරණයක් !

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන්ට ජාතික ආරක්ෂාවට සම්බන්ධ ඉහළ මට්ටමේ හමුදා පාඨමාලාවක් පැවැත්වීම සඳහා ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ආරම්භ කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විදේශීය ආරක්ෂක විද්‍යායතන විසින් වාර්ෂිකව ලංකාවට ලබාදෙනු ලබන පාඨමාලා සංඛ්‍යාව සීමිත බවද, එබැවින් අපේක්ෂිත පරිදි ආරක්ෂක අංශ පුහුණු කිරීමට නොහැකි වී ඇතැයිද පැවසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු අද(30) සඳහන් කළේ මේ හේතු මත ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවය.

ශ්‍රී ලංකාව තුළ සියලු පහසුකම්වලින් අංග සම්පූර්ණ ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ආරම්භ කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.

මෙම විද්‍යායතනය ස්ථාපිත කිරීමට අදාළව පනතක් කෙටුම්පත් කිරීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉකුත් වාරයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් යොමු කළ බවද, ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවද එම නිලධාරියා පැවසීය.

කෙටුම්පත් කරන යෝජිත පනත සම්මත වීමෙන් අනතුරුව මෙම විද්‍යායතනයේ ඉදිරි කටයුතු ආරම්භ කරන බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

අධික වර්ෂාවෙන් යාපනයේ ජල ගැලීම් තත්ත්වය ඉහළට.. කිලිනොච්චියේ වැව් දෙකක් වාන් දමයි

colombotoday

DIG ලතීෆ්, STF අණදෙන නිලධාරී තනතුරට පත්කිරීම නීති විරෝධීයි !

colombotoday

‘පැහැරගැනීමට හිරුණිකා සම්බන්ධ බවට සාක්ෂි නෑ.. අත්අඩංගුවට ගන්න බෑ’ – ශ්‍රී ලංකා පොලීසිය

colombotoday

රියදුරු බලපත්‍ර කාර්යාලයෙන් එක්දින සේවයෙන් රියදුරු බලපත්‍ර 50ක් පමණයි.

Admin

ආණමඩුව රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

colombotoday

බළලා මල්ලෙන් එළියට පැන්නා.. පවිත්‍රා ලේලිය ජෝන් මාමාගේ රෙදි උණා දමයි (Video)

colombotoday