BusinessColombo Today Local News

රුවන්පුරේ මැණික් කැටවලට ස්විස් රටෙන් අපමණ අගයක්!

wpldiltaමිළ අධික අත් ඔරලෝසු නිෂ්පාදනය කරන ලෝක ප්‍රකට ස්විස්ටර්ලන්ත සමාගම් සමග සෘජු ලෙස සම්බන්ධ වී ලංකාවේ සුළු පරිමාණ මැණින් වෙළදුන්ගේ මැණික් එම සමාගම්වලට විකිණීම සදහා වැඩපිළිවෙලක් සකසන බව ආපදා කළමණාකරන නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා පවසයි.

පසුගිය දිනක ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සදහා ජනීවා නුවර බලා ගිය අවස්ථාවේ ස්විස්ටර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ අත් ඔරලෝසු සමාගම් කිහිපයක නියෝජිතයන් හමු වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවත් ඒ පිළිබද යෝජනාවක් අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත් අමාත්‍ය වරයා පවසනවා.

රත්නපුරේ මිණිකැට ජාත්‍යන්තර වෙළදපොලට ඉදිරිපත් කෙරෙන්නේ බැංකොක් වෙළදුන් සහ අතරමැදියන් හරහා වන බැවින් දුක් මහන් සියෙන් සොයා ගන්නා මිණිකැටවලින් ලාභ ලබන්නේ මැණික් කර්මාන්තයේ යෙදෙන රත්නපුරේ ජනතාව නොව එම අතරමැදියන් බවයි අමත්‍යවරයා පවසන්නේ.

ලොව සුපතල මිළ අධික අත් ඔරලෝසුවල බාහිර අලංකරණය සදහා යොදා ගනු ලබන්නේ ඉතා කුඩා ප්‍රමාණයේ ක්‍රාත් 3-8 අතර බර ප්‍රමාණයේ මැණක් ගල් වන අතර එම ගල් සදහා ජාත්‍යන්තරයේ හොද වෙළදපොළක් ඇති බැවින් ඒ හරහා සුළු මැණික් ව්‍යාපාරිකයන්ට අත දිය හැකි බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

Related posts

වවුනියාවේ දෙමල ගම්මාන දෙකක් අතර කුල ගැටුමක්

colombotoday

රජයේ දොස්තර සංගමයෙන් අගමැතිට දොස්… විරෝධය පා පෙත්සමක් අත්සත් කිරීමට සැරසේ

colombotoday

කසක්ස්තාන තෙවන සංචාරකයින් කණ්ඩායම දිවයිනට

colombotoday

‘ආමි සුරංග’ගේ ඝාතනය: පොලිස් නිලධාරීන් 03ක් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් සාමාන්‍ය අතට

colombotoday

මහින්දගේ ආරක්ෂකයන් 42ක් එකවර ඉවත් කරයි

colombotoday