Colombo Today Local NewsHot News

තව්හිද් ජමාත් ලොක්කා ISIS ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධයි, ගෙන්වන්න හදන්නේ අගමැතිගේ ගෝලයා හලීම් – කද්රියා මුස්ලිම් ඒකකය (Voice)

haleemතව්හීද් ජමාත් සංවිධානය විසින් ලංකාවට ගෙන්වීමට සූදානම් වන ජෙයිනූල් ආබ්දීන් නමැත්තා අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයේ මත ප්‍රචාරය කරන ජාත්‍යන්තර ඉස්ලාමීය මූලධර්මාදී කණ්ඩායම් සමග සබදතා පවත්වන අයෙක් බව ශ්‍රී ලංකා ඉස්ලාමීය කදිරීයා ඒකකයේ කැදවුම්කරු ඉමිතියාස් අහමඩ් මහතා ColomboToday වෙත හෙළිදරව් කරනවා. ජයිනුල් ආබ්දීන් නමැති මෙම පුද්ගලයා ඩුබායි, මැලේසියාව, සිංගප්පූරුව යන රටවලදී සිරගත කර සිට එම රටවලින් පිටුවහල් කරන ලද පුද්ගලයෙක් වන බවත් මෙම භයානක පුද්ගලයා මෙරටට ගෙන්වීම පිටුපස සිටින්නේ ඉස්ලාම් ආගමික කටයුතු අමාත්‍ය මොහොමඩ් හලීම් සහ ඔහුගේ සහෝදරයා බවත් හලීම් ඇමතිවරයා අග්‍රාමාත්‍යවරයාගේ අතිජාත ගෝලයෙකු බවත් ඉමිතියාස් මහතා ප්‍රකාශ කරනවා.

ඔහුගේ හඩපටය පහතින්….


ශ්‍රී ලංකා ඉස්ලාමීය කදිරියා ඒකකයේ කැදවුම්කරු ඉමිතියාස් අහමඩ්

අදාල ඇමතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම හිතවතෙකු වන බැවින් අගමැතිවරයාගේත් අනුදැනුම ඇතිව මෙම සිදුවීම් වනවාදැයි තමන්ට සාධාරණ සැකයක් මතු වන බවද ඉමිතියාස් මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවෙන් බහුතරයක් තව්හීද් ජමාත් සංවිධානය ප්‍රතික්ෂේප කරන බවත් මෙවැනි පුද්ගලයකු ලංකාවට ගෙන්වා අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු සිදුවෙමින් පැවතීම ගැන මුස්ලිම් ප්‍රජාව දැඩි නොසන්සුන්තාවකින් පසුව බව පවසන ඔහු තම සමීප හිතවතෙකුගේ මෙහෙයවීමෙන් සිදුවන මෙම භයානක ක්‍රියාව නැවැත්වීමට අගමැතිවරයා කටයුතු නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කරනවා.

ජයිනුල් අාබ්දින් නම් පුද්ගලයා ලංකාවට පැමිණීම වලක්වන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් බලකර ඉල්ලා සිටින බවත් එසේ නොවුණහොත් ඉතාමත් ඉක්මනින් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයද මොවුන් පිටුපසින් ලංකාවට පැමිණෙනු ඇති බවට ද කද්රියා මුස්ලිම් ඒකකය අනතුරු අගවා සිටිනවා.

Related posts

කිඹුලා ඇලට වැටුණු BMW I8 රියේ අයිතිකරු, කබීර්ගේ මස්සිනා පොහොට්ටුවේ මැයි රැලියෙන් මතුවෙයි

colombotoday

ආනයන භාණ්ඩ 367 කට පැනවූ තහනම දීර්ඝ කෙරේ…

colombotoday

ඩොලමයිට් කියා තහනම් ග්ලයිපොසෙට් තොගයක් ගෙන්වයි

colombotoday

75 වන ජන්ම දිනයත්, උතුම් පැවිදි දිවියේ 65 වන වර්ෂ සිහිකරන මහරගම ධම්මසිරි නාහිමියෝ

Admin

හොරාගෙන් පේන අසා “අක්බර් විද්‍යාගාරය” පුවත අසත්‍යයක් ලෙස නම් කිරීමට විරෝධය දැක්වීම

colombotoday

හරක් කටාගේ ගෝලයෙකු අවි ආයුධ සමඟ අල්ලයි

colombotoday