Colombo Today Local News

මස්කෙලියේ ජුම්මා පල්ලියේ තිබී පිහි 49 ක් පොලිස් බාරයට

මස්කෙලිය පොලිසිය විසින් මස්කෙලිය අනෆි ජුම්මා මුස්ලිම් පල්ලියේ අද (27) උදෑසන සිදු කළ හදිසි සොදිසි මෙහෙයුමකදි පල්ලියේ තිබි පිහි 49 ක් පොලිසියේ භාරයට ගෙන ඇත.

මේ දිනවල දිවයින පුරා සිදු කරන සෝදිසි මෙහෙයුම්වලට සමගාමිව අද උදෑසන පොලිස් නිලධාරින් විසින් මස්කෙලිය පල්ලියේ ගබඩා කාමරය සෝදිසි කර ඇත.

එහිදි පිහි 49සහ පොරො තුනක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගබඩා කාමරයේ පිහි 49 ක් සහ පොරො තුනක් තබා ගැනිම සම්බන්ධයෙන් පොලිසිය වෙත කරුණු ඉදිරිපත් කිරිමට එම ගබඩාවේ භාරකරු අසමත් විම නිසා එම ගබඩා භාරකරුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අගල් 9 සිට අගල් 12 දක්වා වු පිහි 49 ක් සහ පොරො තුන පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

වරාය වෘත්තීය සමිති වෙත අධිකරණය දුන් නියෝගයක් තවදුරටත් දීර්ඝ කෙරේ…

Admin

මානව හිමිකම් ප්‍රවර්ධනයට ලංකාවට කාලය ලබාදිය යුතුයි – බ්‍රිතාන්‍යය කියයි

colombotoday

කොන්කෝඩියා වතුයාය හරහා රාගල මාර්ගයේ රථ වාහන ධාවන නවතයි

Admin

ඥානසාර හිමි නිදොස් කොට නිදහස් – “කසාද බැඳලා හනිමුන් එක ගෝල්ෆේස් ගන්න එපා” රජයට කියයි

colombotoday

ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බසයක් පෙරළෙයි

colombotoday

සීමා නීර්ණය තව කල් යයි.. වෙසක් උළෙලට පෙරනම් ඡන්දය බෑ – මැකො

colombotoday