Business

ප්‍රතිඅපනයන වංචාව හේතුවෙන් කුළුබඩු කිහිපයක් මෙරටට ආනයනය නවත්වයි

ශ්‍රී ලංකාව වෙත ගම්මිරිස්, කරුංකා, සාදික්කා/වසාවාසි, සියඹලා හා කුරුඳු ආනයනය අත්හිටුවීමටත් එම කුළුබඩු ඉන්දියාව හා පාකිස්තානය වෙත ශ්‍රී ලාංකික නිෂ්පාදන ලෙස වාර්තා වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවට ආනයනය කරන ගම්මිරිස් හා කරුංකා ඉංදියාවටත්, ආනයනික සාදික්කා/වසාවාසී පාකිස්ථානයට ප්‍රතිඅපනයනය කරයි.

එසේම ශ්‍රී ලංකාවේ කුරුඳු වංචනිකව අපනයනය කරන බවත් මේ හේතුවෙන් දේශීය කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

ඒ අනුව මෙසේ ඉහත සඳහන් කුළුබඩු ආනයනයත් ප්‍රතිඅපනයත් නැවැත්වීමට පියවර ගැනීමට නියමිතය.

Related posts

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක්.

colombotoday

ස්පුට්නික් V කොවිඩ් එන්නත මෙරටදී නිපදවීමට රුසියාවේ සහාය

colombotoday

ශ්‍රී ලාංකිකයකුගේ ණය ලක්ෂ 4 ඉක්මවයි

colombotoday

අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 9.9 ඉක්මවයි

colombotoday

ඩොලරය නැවතත් රු 177 පසුකරයි…

colombotoday

Job numbers show tremendous growth in state’s travel industry

colombotoday