Colombo Today Local News

අපි අද අමාත්‍යාංශවල යළි වැඩ බාර ගන්නවා – රාජිත

රනිල් වික්‍රමසිංහගේ රජයේ හිටපු සියලු ඇමතිවරු හෙට සිට අමාත්‍යාංශවල රාජකාරී ආරම්භ කරන බවත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීම සහ පසුගියදා පත්කළ කැබිනට් මණ්ඩලය තහනම් කරමින් අධිකරණයෙන් තීන්දුවක්දී තිබෙන බවත් පෙර තිබූ ඇමතිධූර රජය එලෙසම පවත්වාගෙන යන බවත් රාජිත සේනාරත්න මහතා  (03) ගාල්ලේදී පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කර තිබූ යුක්තියේ ජනහඬ රැළියේ දී අදහස් දක්වමිනි.

එහි දී රාජිත සේනාරත්න මහතා මෙසේ ද කීවේය.

‘‘උසාවිය දැන් තීරණය කරලා තියෙනවා සිරිසේනගේ මරා නෑ. සිරා විතරයි. දැන් අපි එනවා රජ ගෙදරට. අපේ අගමැතිතුමයි අපියි වැඩේ බාරගන්නවා. හෙට උදේ අපි යනවා අමාත්‍යාංශවලට, උසාවියත් අවසර දීලා, පාර්ලිමේන්තුවත් අවසර දීලා. ලෝක ඉතිහාසයේ පළමු වතාවට අගමැතිකම්, ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් තහනම් කරලා ආණ්ඩුවක් ගෙදර යවපු පළමුවෙනි වතාව.

කොහොමද සිරිසේනගේ වැඩේ. දැන් මමයි බැනුම් අහන්නේ. දැන් ජනමාධ්‍යයට කියනවා දැන්වත් පිටකොන්ද ගන්න. දැන්වත් කියන්න මහින්ද රාජපක්ෂ මන්ත්‍රී කියලා මහින්ද රාජපක්ෂට දැන් අගමැතිකම් නෑ. සත්‍යය ජයගන්නවා. මේ අපේ මාතෘ භූමිය. මේකේ සෙල්ලම් දාන්න බැහැ. තවත් සෙල්ලම් කරන්න ආවොත් අපි යනවා ජනාධිපති කාර්යාලයත් වටලනවා. අපි ලෑස්තියි ඕන ජාතියකට.‘‘ යැයි සේනාරත්න මහතා පැවැසීය.

Related posts

ඩොලරය ඉහළ යයි

Admin

ජනපති අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනවාලු

colombotoday

ලංගමෙන් කෝටි 29 ක් ගසා කාලා!

colombotoday

පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට

Admin

දකුණේදී ඇල්ලූ පාතාල කොටියාට කිරි පෙවූ ඇමති සුදාලා ‍හෙළිවෙයි.. ඉහළ අණින් පරීක්ෂණ නවතී

colombotoday

ඩොලර් හිඟමනේ යාමට අවශ්‍ය නැහැ ‘පැන්ඩොරා‘ හෙළි කළ ඩොලර් වහාම රටට ගෙන එන්න

colombotoday