Colombo Today Local News

ඥානසාර හිමි සිරගත කොට හෝ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්

බොදු බල සේනා සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා….

“බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි පවසමින් උන්වහන්සේ බන්ධනාගාර රෝහලින් බන්ධනාගාරයට මාරු කර යැවීමට සුදානම් වෙන බව බොදු බල සේනා සංවිධානය වෙත වාර්තා වෙනවා.”

“උන්වහන්සේගේ වකුගඩුවක සිට මුත්‍රා පිටවීම සඳහා වෛද්‍යවරු බටයක් යොදා ඇති අතර එය ශරීරය තුල සති 6 ක තිබිය යුතු වනවා. අනතුරුව එම බටය හෝ ස්ටෙන්ට් එක ඉවත් කල යුතුය. එම කාලය තුල උන්වහන්සේ වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණය යටතේ සිටිය යුතු වනවා.”

“මෙවැනි තත්වයක් තුල රෝගියකුට සුදුසු පරිසරයක් නොවන බන්ධනාගාර සිර කදවුරක උන්වහන්සේ දැමීමට මෙතරම් බන්ධනාගාර බලධාරීන් කටයුතු කරන්නේ ඥානසාර හිමි සිරගත කොට හෝ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයේ කොටසක් දැයි සැක මතු වේ. මෙම දේශපාලන කුමන්ත්‍රණයට යම් දේශපාලන කණ්ඩායම්, අධිකරණ ක්ෂේත්‍රයේ යම් කණ්ඩායම් හා යම් රාජ්‍ය නොවන ආයතන සම්බන්ධ වන අතර ඒ සදහා අවශ්‍ය සමාජ මතය නිර්මාණය කිරීමට මාධ්‍ය මෙහෙයුම් කිරීමට හා කුමන්ත්‍රණයට ජාත්‍යන්තර ආධාර පවා ලබා දී ඇත.”

බොදු බල සේනා මාධ්‍ය අංශය

Related posts

ගත වූ මාසය තුළ ‘වන’ විනාශය දිනකට අක්කර 03ක්

colombotoday

ජනපති සටනේ ආරම්භය..

colombotoday

විනය භාර ගුරුවරයාට පහර දුන් පාසල් සිසුන් 4ක් රිමාන්ඩ්

Admin

ජනපති අලුත් ගමනක් යද්දී පොහොට්ටු මන්ත්‍රීලා සුපුරුදු ගමනේ !

colombotoday

කොළඹ තදබදයට කඩිනමින් විසදුමක්- ‘Park and Drive’ ළඟදීම

colombotoday

විධායකයේ අහෝසි වීමක් නැහැ – පොදු අපේක්ෂකයා මෙවර එජාපයෙන්

colombotoday