Colombo Today Local News

ශ්‍රී ලංකන්, ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 1400ක් ණයයි.. 4 වැනිදා වන විට ණය නොගෙව්වොත් ඉන්ධන සැපුම නවතී..

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඛනිජ තෙල් සංස්‌ථාවට ගෙවීමට ඇති ඉන්ධන මිලදී ගැනීමට අදාළ හිඟ මුදල් මෙම මස 04 වැනිදා වන විට නොගෙවන්නේ නම් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙත ඉන්ධන සැපයුම අත්හිටුවීමට ඛනිජ තෙල් සංස්‌ථාව තීරණය කර ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් ඛනිජ තෙල් සංස්‌ථාවට ගෙවීමට රුපියල් කෝටි 1400 ක හිඟ මුදලක්‌ තිබේ.

මේ සම්බන්ධව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේ ඉන්ධන සැපයීම අත්හිටුවුවහොත් ගුවන් ගමන් අවලංගු කිරීමට සිදුවන බවය.

මෙවැනි තීරණයක්‌ ගැනීමට හේතුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තම සමාගමේ තෙල් මිලදී ගැනීමට අදාළ ගිණුමක්‌ පසුගිය සතියේ තාවකාලිකව අත්හිටුවීම බව ඛනිජ තෙල් සංස්‌ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පැවසීය.

තෙල් මිලදී ගැනීමට අදාළව සංස්‌ථාව ගෙවිය යුතු වැට්‌ බදු වන රුපියල් කෝටි 150 ක මුදල නොගෙවීම නිසා මෙලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සංස්‌ථාවේ ගිණුම අත්හිටුවා ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

එබැවින් සංස්‌ථාවට අයවිය යුතු මුදල් ලබා ගැනීමට ගනු ලබන පියවරක්‌ ලෙස ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධව හිඟ මුදල් ඇති රාජ්‍ය ආයතනවලින් අදාළ මුදල් ලබාගැනීමට මෙම පියවර අනුගමනය කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඛනිජ තෙල් සංස්‌ථාවට විදුලිබල මණ්‌ඩලයෙන් රුපියල් කෝටි 4600 ක්‌ ලැබිය යුතු බවත් සඳහන් කළ සභාපතිවරයා ඒ අනුව රුපියල් කෝටි 7000 ක මුදලක්‌ විදුලි බල මණ්‌ඩලයෙන් සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් අයවිය යුතුව ඇතැයි ද කීවේය.

Related posts

පොහොට්ටුවේ ආධාරකරුවන් දෙදෙනෙකුට වැල්ලම්පිටියේදී පහරදිමක්

colombotoday

ලිට්‍රෝ ගෑස් සමාගම රක්‍ෂණ සංස්ථාවේ සභාපතිට බාර දෙයි

colombotoday

විග්නේෂ්වරන් එලවන විශ්වාසභංගයට එරෙහිව අද උතුරේ හර්තාල් !

colombotoday

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 8ක ඉවත් කළ ඇඳිරි නීතිය යළි දහවල් 2 ට

colombotoday

බොරැල්ලේ ඇළකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

colombotoday

වසන්ත මුදලිගේ යළිත් රිමාන්ඩ්

Admin