Colombo Today Local News

වසන්ත මුදලිගේ යළිත් රිමාන්ඩ්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට බන්ධනාගාර ගතකළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (12)දින නියෝග කර ඇත.

මෙම සැකකරු එලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරුය.

මෙම සිද්ධියට අදාළව ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගල්වැව සිරිධම්ම හිමි නීතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදා මුදාහැරීමට අධිකරණය නියෝග කළේ ඉකුත් 23 වෙනිදාය.

ගාලුමුවදොර අරගල සිද්ධියට අදාළව මෙම සැකකරුවන් දෙදෙනාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අගෝස්තු මාසයේදීය.

Related posts

කැලණි සරසවි සිසුන්ගේ, ශිෂ්‍ය මර්ධනයට එරෙහි විරෝධයකට ජල ප්‍රහාරයක්

Admin

හපුතලේ ප්‍රාදේශීය සභා සභාපතිගෙන් පහර කෑ අයෙක් රෝහල් ගත කරයි

colombotoday

දමිතා බලන්න විපක්ෂ නායක කොටුව පොලිසියට

colombotoday

ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද

colombotoday

5,000 දීමනාව යළිත් | ජල බිල්පතේ සහනයක් නෑ

colombotoday

විගණකාධිපතිගෙන් තද ප්‍රකාශයක්.. “ෆුට් නෝට්“සෙට් එක හාන්සියි.. කටඋත්තර නැතිවෙන ප්‍රශ්න තුනක් අසයි

colombotoday