Colombo Today Local News

2015 අපි මහින්දට පල කීවා… අවුරුදු තුනක් යන්න කලින් අපි මෛත්‍රීපාලට කියනව දැන් පල

ජනාධිපතිවරයා ජනතාව භාරදුන් කටයුත්ත නොකර අනෙක් සියලූම වැඩ කරන බවත් ඉදිරි මැතිවරණයේ දී හොඳින් හොයා බලා හොඳම බුලට් ගෙන එන්නට පුරවැසි බලය සුදානම් බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය, පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු දඹර අමිල හිමියෝ පැවැසූහ. .

උන්වහන්සේ මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පුරවැසි බලය සංවිධානය විසින් අද (10) පැවැත්වූ මාධ්‍ය හමුවන් අමතමිනි.

මහින්ද රාජපක්ෂ ගේන්න වේදිකාවට නැග්ගේ අපි. 2015 අපි එයාට පල කිව්වා. 2015 දි මෛත‍්‍රිපාල සිරිසේන ගෙනාවේ අපි. අවුරුදු තුන යන්න කලින් අපි පල කියනවා.

ටී එන් එල් එකට බාධා ඇති කරමින් ඊ නිවුස් එකට තහනම් ඇති කරමින් මහින්ද කළාට වඩා නරකට දේවල් කරනවා මෙයා. බලාපොරොත්තු වුන, කරන්න කියල දුන්න වැඩ මොකවත් කරන්නේ නැහැ. අපි කිව්වේ මේක හදල යන්න කියලයි. කරන්න කියපු කිසි දෙයක් කළේ නැහැ. වෙනත් දේවල් කර කර තව ඉන්නයි හදන්නේ.

ජනාධිපතිට පුළුවන්නම් කියන්න කියල මම කියන්නේ දඹර අමිල මෙන්න මේවා මගෙන් ගත්තා කියල. මම තේ එකක් වත් බීල නැහැ. බොන්නෙත් නැහැ. ඒ අය තේරුම් අරන් නැහැ අපිව.

මම කියන්නේ පුළුවන් නම් එළියට ඇවිත් කියපල්ලා අපි මොනවද ගත්තේ කියලා. අපි උත්තර දෙන්නම්. ජනතාවට අපි කියන්නේ අපේ ජීවිතේ ඉතිරි ටිකත් අපි මේ වගේ ම ගත කරනවා. කළු පැල්ලම් තියාගන්නේ නැහැ. ඒ ගැන සැකයක් තියා ගන්න එපා කියලයි. ’’ යැයි ද අමිල හිමියෝ පැවැසූහ.

ඇලෝසියස්ගෙන් පුරවැසිබලය සංවිධානය මුදල් ගත් බවට පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරැ දීම සදහා මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණි.

Related posts

පෙට්‍රල් රැගත් නෞකාවක් අද දිවයිනට

colombotoday

මුදල් ගෙවා විදෙස් සංචාර යන්න කලින් පොලිසියේ නවතින්න අවශ්‍යනම් Blue ocean සමාගමේ තුමිලන් හමුවන්න

colombotoday

මහා පරිමාණ දූෂණ 4ක් වහන්න විගණකාධිපතිට බලපෑම්.. බෑ කිව්වාට මාස 14කින් පඩි ගෙවා නෑ

colombotoday

‘ෆොන්සේකා උන්නැහේ තමුසේ මහා පොන්**## ..’ගාමිණී ලොකුගේ – ෆොන්සේකාට මැතිසබේදී ඇවිළෙයි..(Video)

colombotoday

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රියක්

Admin

ටි.56 පතරොම් 401 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

colombotoday