Colombo Today Local News

දුමින්ද මහලේකම් ධුරයෙන් ඉවතට… භාණ්ඩාගාරික තනතුරට එස්බී… ශ්‍රීලනිපයේ මුල්පුටු වෙනස්වුණ හැටි මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හිටපු මහලේකම් දුමින්ද දිසානායක මහතා පත්කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (3) රැස්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාවේ දී මෙම තීරණය ගැනිණ.

පක්ෂයේ ප්‍රතිසංවිධානය සදහා තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත්කර ඇති අතර, තාවකාලික මහ ලේකම් ධුරයට මහාචාරය ලක්ෂ්මන් පියදාස මහතා පත්කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පත්කර තිබේ.

පක්ෂයේ ජෙෂ්‍යඨ උප සභාපති වරුන් ලෙස නිමල් සිරිපාල සිල්වා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරු පත් කරනු ලැබ සිටිති.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවා අද සිට ඩිජිටල් ක්‍රමවේදයට

Admin

පළමු මාත්‍රාව ගත් අයට දෙවැනි මාත්‍රාව නිසි කාලයටම

colombotoday

ගජමුතු විකුණන්න ගිහින් ගුරුවරියක ඇතුළු හතරක් මාට්ටු

Admin

අවුරුදු මාරයි – කාල හමාරයි.. රුපියල නන්නත්තාරයි.. ඩොලරය 150ට තව රුපියලක් අඩුයි.

colombotoday

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Admin

කොරෝනා යැයි සැක යාචකයෙක් රෝහල්ගත කරයි

colombotoday