Colombo Today Local News

අලුත් වනජීවී ඇමති සහ උප ඇමති නිසා වන ජීවීනුත් අවදානමේ !

කරුණාව මෛත්‍රිය නැති පාතාලය සමග කටයුතු කරන වනජීවී අමාත්‍යවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු පත්කර තිබීම හේතුවෙන් සංවේදී වනාන්තර පද්ධති හා වනජීවීන් අවදානමට ලක්ව ඇතැයි ‘සුරකිමු ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ අද (28දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ හිමියෝ මෙම අදහස් පළකළහ.

අමාත්‍ය සරත් ‍ෆොන්සේකා සතුව කරුණාව හා මෛත්‍රිය නැති බවත්, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පාතාලය සමග කටයුතු කරන බවත් පැවසූ උන්වහන්සේ වනජීවීන් හා වනජීවී නිලධාරීන් කෙරෙහි සංවේදී පුද්ගලයන් දෙදෙනෙකු එම අමාත්‍යාංශයට පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව කියා සිටියහ.

වනජීවී ඇමතිවරුන් දෙදෙනා මෙතෙක් පරිසර සංවිධාන සමග සාකච්ඡා කර නැති බවත්, පරිසර ලෝලීන් 5000ක් සමගින් කොළඹ විහාරමහාදේවී එළිමන් රංග පීඨයේදී ලබන 05 වැනිදා පරිසර සමුළුවක් පවත්වා දැනට මතුවී තිබෙන පරිසර ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡා කරන බවත් ඒ හිමියෝ ප්‍රකාශ කළහ.

Related posts

පාස්පෝට් ගන්න රැය පහන් කරන ජනතාව

Admin

මම මංත්‍රී වුනාට පස්සේ වාහනයක් වුවමනා වෙයි

Admin

උපෙළ වෘත්තීය විෂය හදාරන සිසුන්ට රු 500ක දෛනික දීමනාවක්

colombotoday

මිනුවන්ගොඩ ජුම්මා පල්ලිය පිලිසකර කිරීමට ආණ්ඩුකාර කාර්යාලයෙන් මිලියන් 1.5ක්…

colombotoday

මන්නා රමේෂ් ඩුබායිහීදී හසු වේ

Admin

තරුණයකු දීර්ඝ කාලයක් සිර කරන්න හොඳ නෑ. සිද්ධිය වෙද්දී බීලා ඉදල තියෙනෙ. එනිසා දුමින්ද සිල්වා නිදහස් කරන්න

colombotoday