Colombo Today Local News

රාමසාන් වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන්ට රජයෙන් නොමිළේ රටඉදි… කැබිනට් අනුමැතිය හිමිවේ

රාමසාන් සමයේදී ආර්ථික අපහසුතා ඇති මුස්ලිම් පවුල් සදහා අදාළ මුස්ලිම් පල්ලි කේන්ද්‍ර කරගෙන බෙදා හැරීම පිණිස රට ඉදි මෙට්‍රික් ටොන් 250ක් සතොස හරහා මිලදී ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවී තිබෙනවා.

සෑම වසරකදීම රාමසාන් උපවාස සමය නිමිත්තෙන් මෙරට ඉස්ලාම් බැතිමතුන් සදහා අවශ්‍ය රට ඉදි සෞදි අරාබි රාජ්‍ය විසින් නොමිළේ සැපයුවත් මෙම වසරේදී ඔවුන් එම සහනය ලබා දී නොමැති බැවින් රජය විසින් මෙම තීරණය ගෙන ඇත.

 

පෞද්ගලික පරිත්‍යාගකරුවන් තිදෙනෙක් විසින් පමණක් රාමසාන් සාමය වෙනුවෙන් බෙදා දීමට රට ඉඳී මෙට්‍රික් ටොන් 03 ක් පමණක් ලැබී ඇති බවද වාර්තා වෙයි.

Related posts

විදෙස් ගත සිසුන් ලංකාවට – මුලින්ම දකුණු ආසියානු රටවලින්

colombotoday

විජිතපුර බැලුම්ගල ඩෝසර් කළ අය, පුරාවිද්‍යා පනත අනුව අත්අඩංගුවට ගන්න ඇමති උපදෙස් දෙයි

colombotoday

මිට කලිනුත් එක් අයෙක් හප්පා මරලා.. අනතුරට ලක්වූ රථයේ තිබී කඩුවක්, මුගුරක් හමුවෙයි.. ඇමති පුතා ආගිය අතක් නෑ

colombotoday

ඩී.එස් ගුණසේකර සමාගමට සිගරට් ගන්න ලංකා බැංකුවෙන් ලක්ෂ 31500ක් දීලා. | අනුර කුමාර දිසානායක

colombotoday

තණමල්විල ගංජා හේනක් වටලයි

Admin

‘ඉන්දියාවට තෙල් ගබඩා කරගන්න ත්‍රිකුණාමලය දෙනවා.. 2020 දිනන්නෙත් අපි‘ – අගමැති

colombotoday