Colombo Today Local News

පසුගිය කාලේ සමෘද්ධියේ කෝටි ගණනකට වැඩේ දීලා – පී හැරිසන්

පසුගිය කාලයේ සමෘද්ධි සංවර්ධන අමාත්‍යාංශයේ රුපියල් කෝටි ගණනක වංචාවක්‌ සිදු වී තිබෙන බවට සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගම් ලොකු චෝදනාවක්‌ කරන බවත්, ඒ නිසා ඒ සම්බන්ධයෙන් පරීක්‌ෂා කිරීමේ අවශ්‍යතාවක්‌ පැන නැඟී තිබෙන බවත්, සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

සමෘද්ධි සංවර්ධන බැංකුව මහ බැංකුවට පවරා ගැනීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවට පනතක්‌ ඉදිරිපත් කොට සම්මත කළ යුතුයි. එසේ නොමැතිව සමෘද්ධි සංවර්ධන බැංකුව මහ බැංකුවට පවරා ගැනීමට නොහැකියි. ඒ නිසා දැනට එවැන්නක්‌ සිදු කිරීමට අවශ්‍යතාවක්‌ නැහැ.

සමෘද්ධි සංවර්ධන බැංකුව මහ බැංකුවට පවරා ගත යුතු බවට අගමැතිතුමා කළ ප්‍රකාශයේ යම් සත්‍යතාවක්‌ තිබෙනවා. සමෘද්ධි සංගම් විසින්ම කියනවා හිටපු අමාත්‍ය එස්‌. බී. දිසානායක මහතා අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ යම් යම් අකටයුතුකම් සිදු වී තිබෙන බව. ඒ නිසා අගමැතිතුමාගේ ප්‍රකාශයේ යම් වරදක්‌ මා දකින්නේ නෑ.

යැයිද ඊයේ (10දා) අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් අමාත්‍යවරයා පැවසීය.

Related posts

කල් ඉකුත් වූ කදුලු වායු විනාශ කිරීමට නියෝග

Admin

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට නැවතත් ලියාපදිංචි විය හැකියි

colombotoday

කජීමා වත්තෙ ගින්න ගැන හොයන්න කමිටුවක්

colombotoday

උත්සව සමයේ මුළු රටටම විශේෂ ආරක්ෂාවක් – ජනපතිගෙන් උපදෙස්

colombotoday

මන්ත්‍රීන් සභා ගැබ මැදට පැන යකා නටති… පාර්ලිමේන්තුව උණුසුම්!

colombotoday

රිෂාඩ්ගේ නිවසේ දැරියක් මිය යාම; අත්අඩංගුවට ගත් සැකකරුවන්ට උපරිම දඩුවම් ඉල්ලා තලවකැලේ උද්ඝෝෂන

colombotoday