Colombo Today Local NewsUncategorized

සුපිරි නගර ව්‍යාපෘතිය ගෝඨාගෙන් චම්පික අතට, ‘‘මෙගා පොලිස්‘‘ සැලසුමට කෝටි 5 ක් වෙන්කරයි.

gotabhayaහිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කරන ලද කොළඹ නගරය ආශ්‍රිත සුපිරි සැලසුම වත්මන් ආණ්ඩුවත් ඉදිරියට ගෙන යමින් බස්නාහිර පළාත තුළ කි‍්‍රයාත්මක කිරීමට නියමිත “මෙගා පොලිස්” යනුවෙන් හඳුන්වන සුපිරි නගර නිර්මාණය සඳහා අවශ්‍ය සැලසුම සකස් කිරීම වෙනුවෙන් රුපියල් පන්කෝටි හැටඑක්ලක්ෂ පනස් දහසක (රු. 56,150,000/=) මුදලක් පරිපූරක ඇස්තමේන්තුවකින් වෙන්කර ඇත.

මෙම මුදල වෙන්කිරීම සඳහා පසුගිය අපේ‍්‍රල් මස 22වැනි දින ඇමැතිමණ්ඩල අනුමැතිය ලබාදී තිබේ. අදාල මුදල වෙන්කරගෙන තිබෙන්නේ ප‍්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින්ය.

මෙහි විෂය භාර ඇමැතිවරයා වන්නේ පාඨලී චම්පික රණවක මහතාය.

පසුගිය ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා වෙත පැවරී තිබූ බලතල හා සමාන බලතල මෙම ඇමතිවරයාට ලැබී තිබෙන බව කියැවේ. අනිකුත් සියලු අමාත්‍යාංශවල කටයුතු කිසියම් දුරකට මෙහෙයවීමේ හැකියාව “ප‍්‍රතිපත්ති සම්පාදන” යන කොටස මඟින් ඔහු වෙත ලැබී තිබෙන බව අනාවරණය වේ.

Related posts

පියල් නිශාන්ත කලකිරෙයි

Admin

ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව නඩුව දිනපතා විභාග කිරීමට තීරණයක්

colombotoday

මැතිවරණයට අදාළව පැමිණිලි 4684ක්

colombotoday

නීතිඥ සංගමයේ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

colombotoday

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

colombotoday

ලංකාවට උදව් කරන්න ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ එකඟතාවක්

colombotoday