Colombo Today Local News

Facebook අසභ්‍ය පාටියේදී ඇල්ලූ 11 දෙනකුට ඇප

ෆේස්බුක් මිතුරු සංසදයකදී නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බව කියන එකොළොස් දෙනකුට එක් අයකුට රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස බළපිටිය මහෙස්ත්‍රාත් සම්පත් එන්. ගමගේ මහතා නියම කළේය. මෙසේ ඇප මත මුදාහරිනු ලැබුවේ කොළඹ, රත්නපුර, අකුරැස්ස, තඹුත්තේගම සහ පානදුර ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් එකොළොස් දෙනෙකි. කහව ගොඩගම ප්‍රදේශයේ උත්සව ශාලාවක් තුළ දී මෙම මිතුරු සංසදය පවත්වා තිබේ. මේ සඳහා මෙම සංසදයට අයත් 200කට වැඩි පිරිසක් පැමිණ ඇති බවත් ඔවුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන බවත් මීටියාගොඩ පොලිසියට තොරතුරක් ලැබිණි. ඒ අනුව නිලධාරියකු යොදවා මත්ද්‍රව්‍ය තිබෙන බවට තහවුරු කර ගැනීමෙන් පසු මීටියාගොඩ පොලිසිය ඇතුළු තවත් පොලිස් ස්ථාන හතරක නිලධාරීන් යොදවා මෙම වැටලීම කර තිබිණි.

මෙම සාදයට එක් අයකුගෙන් රුපියල් 5000ක මුදලක් අය කර තිබෙන බව ද පැවැසේ. ගංජා, හෂීස් ඇතුළු මත්ද්‍රව්‍ය මෙන්ම මත් පෙති වර්ග ළඟ තබා ගත් බව කියන එකොළොස් දෙනකු සමඟ උත්සව ශාලාවේ අයිතිකරු ද අත්අඩංගුවට ගෙන බළපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව එක් අයකුට රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරි අතර ජුනි 14 වැනි දින නැවත නඩුව කැඳවන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

Related posts

රිෂාඩ් බදියුදීන්ට විදෙස් ගමන් තහනමක්

colombotoday

Etisalat බංකොලොත් වෙයි.. අසාධාරණ ලෙස සේවකයන් නෙරපයි !

colombotoday

බුද්ධි අංශ නවීන තාක්ෂණය ඔස්සේ ශක්තිමත් කරනවා, බුද්ධි නිළධාරීන්ගේ ආරක්ෂාවට නව නීති සකස් කරනවා

colombotoday

වී මිල කිලෝවක් රු. 28යි – බුලත් විටක් රු.30 යි

colombotoday

රට ශක්තිමත් කළ සැණින් මැතිවරණ වැලක්

colombotoday

ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබා දෙනවා – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday