Colombo Today Local News

ප්‍රතිසංවිධානය ඇස්බැන්දුමක්..! එජාප පසුපෙල මන්ත්‍රීවරුන් ස්වාධීන වීමේ සූදානමක..!

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවී සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියෙන් පත්කළ නව තනතුරු සම්බන්ධයෙන් සහ පක්ෂයේ ඉදිරි ප්‍රතිසංස්කරණ වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාකිරීමට මෙලෙස පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවීමට අගමැතිවරයා සැලසුම්කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු පත්කිරීම කිසිසේත්ම බලාපොරොත්තු වූ තරම් සතුටුදායක නොවූහෙයින්, එයට විරෝධය දැක්වීමටද පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

පක්ෂයේ ප්‍රතිසංවිධානයක් නොවීමත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු අනුප්‍රාප්තිකයෙකු පත් නොකිරීමත් හේතුවෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් සිය විරෝධය දැක්වීමට නියමිතය.

පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පසුපෙළ මන්ත්‍රීවරුන් සාකච්ඡා කර ඇති අතර, එයට විරෝධය පාමින් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමටද ඔවුන් විසින් තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ ඉදිරියේදී ස්වාධීනව කටයුතු කිරීමට සාකච්ඡාකරමින් පවතින බවද දේශපාලන ආරංචිමාර්ග පැවසීය.

මේ අතර පක්ෂයේ සිදුවන ක්‍රියා සම්බන්ධයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් මෙන්ම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඊයේ (26දා) දිනයේදී සාකච්ඡා කළ අතර, ඉදිරියේදී ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දීමට නියමිත බවද වාර්තාවේ.

Ada

Related posts

ඉන්ධන නිකුත් කිරීමේ සීමා සං‍ශෝධනය කෙරේ

colombotoday

පනස් හැවිරිදි පෙම්වතා නිසා ‘විසි හතර හැවිරිදි තරුණිය’ ජීවිතය අතහරී.. තිසරපටයේ සගවා තිබූ ලිපිය සැඟවුණු තොරතුරු හෙළි කරයි.

colombotoday

සජිත් ප්‍රේමදාස ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා සේවකයින් 2300ක් බඳවාගෙන

colombotoday

කැෆේ කීර්ති ගෝඨා පරාජය කිරීමේ මෙහෙයුමක. ජනපතිට පැමිණිලි. මෛත්‍රී ගුණරත්න යලි මධ්‍යමට?

colombotoday

“ආණ්ඩුවක් හම්බවුණේ අවු 19කින්.. අපේ සමහරු එක දිගට හොරකම් කරන්න ගත්තා” – රන්ජන්

colombotoday

දැනෙන්න අඩු වූ තෙල් මිල

Admin