Colombo Today Local News

දැනෙන්න අඩු වූ තෙල් මිල

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 371ක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 313කි.මේ අතර මෙවර ඉන්ධන මිළ සංශෝධනය කිරීමේදී ඔක්ටේන් 92 පෙට්‍රල් ,ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් ලීටරයක මිල සංශෝධනය කර නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 311 මිලෙහි පවතින අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 283 පවතියී.භුමිතෙල් ලීටරයක මිල ද තවදුරටත් රුපියල් 183ක් ලෙස පවතියි.ලංකා ඉන්දීයන් තෙල් සමාගමද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඉන්ධන මිළ සංශෝධනය කර තිබේ.

Related posts

අලියා මහරගමදී බයිසිකලයට යට වේ… අතට යන එන මග නැති වෙයි

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

සිරගත හිමිවරුන් පස් නමක් යළිත් 20දක්වා රිමාන්ඩ්

colombotoday

අපිටත් බෑ.. කාටවත් බෑ.. දහවැනිදා ප්‍රතිපලේ ගැන සුසිල් කියයි

colombotoday

කොරෝනා පවතින රටවල සිට එන ලාංකිකයන් ලාදුරු රෝහලට ගේනවාට එරෙහිව තුන්වන දිනටත් විරෝධතා !

colombotoday

Abby and Brittany විවාහ දිවියට

Admin