Colombo Today Local News

විශ්වාසභංගයේදී අගමැතිවරයා ආරක්ෂා කරනවා. ජනපතිගෙන් එජාපයට පොරොන්දුවක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව ගැන විශේෂ සාකච්ඡාවක් අද (03) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ නියෝජිතයින් කිහිපදෙනෙකු අතර පවත්වා තිබෙනවා.

තොරතුරු වාර්තා වෙන අන්දමට ඊට එක්ව සිට ඇති එක්සත් ජාතික පක්ෂ විශේෂ නියෝජිතයින් වන්නේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන පිරිසයි.

මෙහිදී ජනාධිපතිවරයා සමග පැවැති දීර්ඝ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ විශ්වාසභංගයේදී අගමැතිවරයා ආරක්ෂා කර ගැනීමට තමන් කටයුතු කරන බවයි. කෙසේවෙතත් කුමණ හෝ හේතුවකින් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළ හොත් ඉන් පසුව පත් කෙරෙන අගමැතිවරයා වන්නේද එක්සත් ජාතික පක්ෂයේම අයෙකු බවත් සහතික වී තිබෙනවා.

තමන් පිළිබඳව එක්සත් ජාතික පක්ෂය තැබූ විශ්වාසය පළුදු කර ගැනීමෙන් වලකින ලෙසත් තමන් කෙදිනකවත් හොරුන්ගේ පිළට එකතු නොවන බවත් සඳහන් කර ඇති බවයි විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබුණේ.

Neth FM

Related posts

“ගෝඨාභය අත්අංගුවට ගැනීමට ඉඩ නොදෙන්නේ ජනපති මෛත්‍රීයි..” – නීතීඥ සුගන්ධිකා

colombotoday

ගෝඨාභය දින්නොත් මුස්ලිම් අයට හිරිහැර වෙයි කියා එජාපය අපිව රැවැට්ටුවා – මුස්ලිම් සමළුව කියයි

colombotoday

කරන්නාගොඩට එරෙහි තහනම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ බරපතල කනස්සල්ල විදේශ අමාත්‍යංශය අමෙරිකාවට කියයි

Admin

ඉතිරි ත්‍රස්තවාදීන් ආරක්ෂක අංශවලට බාරවෙන්න, අපි රජය සමග එක්වී පුණරුත්ථාපනය කරනවා – උලමා සභාව

colombotoday

පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

colombotoday

තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි…

colombotoday