Colombo Today Local News

මහසෝන් බළකායට පණ දුන් කැබිනට් ඇමති කවුද? – වාසුදේව කියයි

මහනුවර දිගන, තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වූ ජාතිවාදී ගැටුම් පිටුපස සිටින මහසෝන් බළකායට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකුගේ උපදෙස් ලැබී තිබෙන බවට බුද්ධි අංශ මඟින් තමාට තොරතුරු අනාවරණය වී තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ට මේ කැබිනට් අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙන බවත් කැබිනට් අමාත්‍යවරයා සමඟ මේ පුද්ගලයා කටයුතු කර ඇති බවත් “මහසෝන් බළකාය” යන නාමයද ලබාදී තිබෙන්නේ මේ කැබිනට් අමාත්‍යවරයා විසින් බවත් වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.

මේ ගැන තවත් තොරතුරු ගවේෂණාත්මකවත් පොලිසිය මඟිනුත් තමා ලබා ගනිමින් සිටින බවත් එම සියලුම තොරතුරු ලබාගත් පසුව මේ කැබිනට් අමාත්‍යවරයාගේ නම හෙළිකරමින් සියලුම තොරතුරු රටට හෙළිකරන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

මව්බිම

Related posts

කොල්ලුපිටිය උණුසුම් වෙයි – විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

Admin

“දෙමළ/මුස්ළිම් ජනතාවට අයිවාසිකම් ලැබී නෑ.. ආයුධ ගෙන ඔවුන් සටන් කළේ ඒ නිසයි“ – චන්ද්‍රිකා

colombotoday

වන්දි ලබාගන්න කඩිනමින් නඩු පවරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Admin

ප්‍රධාන සමාගම් දෙකක් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවමත් අඩු කර නැහැ

Admin

2022 උසස් පෙළට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ අයැදුම්පත් කැඳවීම අදින් අවසන්

Admin

රැම්සා තෙත් බිම ඩෝසර් කළ ‘අයියාට’ මාංචු

colombotoday