Colombo Today Local News

අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියෝ අපවත් වෙති.

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ විහාරාධිපති අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියන් අද (20) උදෑසන අපවත් වී තිබේ.

රෝගී තත්ත්වයෙන් පසු වූ උන්වහන්සේ ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අපවත් වූ බව රාමඤ්ඤ මහා නිකායේ මහලේඛකාධිකාරී පූජ්‍ය අස්සංගනේ ශාසනරතන හිමි සඳහන් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න සඳහන් කළේ රෝගී තත්ත්වයක් හේතුවෙන් දින 09ක පමණ කාලයක සිට උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ බවයි.

අපවත් වන විට උන්වහන්සේ 76 වන වියේ පසුවිය.

අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද නාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය සම්බන්ධයෙන් අද දිනය තුළ තීරණය කරන බව පුජ්‍ය අස්සංගනේ ශාසනරතන හිමි සඳහන් කළේය.

Related posts

සුව සැරියටත් වැට් ගහන්න හදනවා

Admin

මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් කියන්නේ බොරුවක්

colombotoday

වසරේ මේ දක්වා කාලය තුළ වන අලි 400ක් මිය ගිහින්

Admin

දුම්රියේ පඩි වැඩි කළොත් සෞඛ්‍යත් වර්ජණයේ

colombotoday

පීකොක් මැදුරේ තටාකයේ රත්තරන් නෑ.. පොලීසිය මුට්ටි 2ක් සොයාගනී

colombotoday

විල්පත්තුවේ රක්ෂිත එපාලු.. ගැසට් එක අවලංගු කරන්න ඉල්ලා බදුර්දීන්ගේ පිරිසක් විරෝධතාවක

colombotoday