Colombo Today Local News

“අගමැති ඉල්ලා අස්වෙනවානම්, මාත් ඉල්ලා අස්වෙන්න ලෑස්තියි” – ඌව මහඇමතිගෙන් කොන්දේසියක්

රටේ මහත් ආන්දෝලනයක් වී ඇති මහ බැංකු මංකොල්ලයට චෝදනා එල්ල වී ඇති අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නේනම් තමාද ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

බදුල්ල දෙමළ කාන්තා විද්‍යාලයේ විදුහල්පතිනියට බැණ තර්ජණය කර ඇය ලවා වන්දවා ගත් බවට මහඇමතිවරයා මේ වන විට චෝදනාවට ලක්ව සිටී. ඔහු අදලා තනතුරෙන් ඉවත් කර වහාම අත්අඩංගුවට ගන්නැයි ගුරු සංගම් රජයෙන් ඉල්ලා ඇත.

සිය කීර්ති නාමයට හානි කිරීමේ චෝදනාවට ජවිපෙ හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නට, ලංකා ගුරු සේවා සංගමයේ වරුෂමාන සහ හපුගොඩ යන අයට විරුද්ධව රුපියල් මිලියන 500 බැගින් ඉල්ලා ඒනතරවාසි යවා ඇති බවත්, දින 14ක් තුළ ඔවුන්ට විරුද්ධව නඩු පැවැරීමට පියවර ගන්නා බවත් මහ ඇමතිවරයා කියා සිටී.

Related posts

18ට වැඩි නම් බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්යයි

Admin

අද ඉන්ධන මිල වෙන්න ඕනේ ඩීසල් ලීටරය රු. 126 යි – පෙට්‍රල් ලීටර රු. 130යි. ආණ්ඩුව ඉන්ධනවලින් ලාභ උපයනවා

colombotoday

දිනයක් සහ වේලාවක් නැතිනම් පාස්පෝට් ගන්න එන්න එපා – ආගමන විගමන පාලක ජනරාල් දැනුම් දෙයි

Admin

ඇතුල්කෝට්ටේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක් ගිනිබත් වෙයි

colombotoday

ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය විකුණන්න ජනවරමක් නෑ

Admin

පුවක් ගෙඩියත් 20ට නගී

colombotoday