Colombo Today Local News

බැදුම්කර වාර්තාවෙන් කිසිවෙක් වරදකරුවන් කර නෑ – කිරිඇල්ල

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාවෙන් කිසිවකු වරදකරුවන් කර නොමැති බවත් සිදුකර තිබෙන්නේ සාක්ෂි එක්රැස් කිරීමක් පමණක් බවත් පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

වාර්තාවේ නිර්දේශ සමඟත් එම නිර්දේශ නීතිපතිවරයාට යොමු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගනු ලැබූ තීරණයන් සමඟත් එක්සත් ජාතික පක්ෂය එකඟ වන බවද ඔහු කියා සිටියේය.

මෙම වාර්තාව නීතිපතිට යොමු කිරීමෙන් අනතුරුව එම සාක්ෂි විමසා බලා නඩු දානවද නැද්ද කියා නීතිපති විසින් තීරණය කරනු ඇති බවද අමාත්‍යවරයා පැවසිය.

මීට පෙර මෙවැනි කොමිෂන් සභා වාර්තා නීතිපතිට යොමු නොකෙරුණු බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී සිදුවූයේ මැති ඇමැතිවරුන්ගේ ලිපි ගොනු රඳවාගෙන එම මැති ඇමැතිවරුන්ගෙන් වැඩ ගැනීම පමණක් බවත් කිරිඇල්ල අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමත් සමඟම පාර්ලිමේන්තුව හදිස්සියේ කැඳවිය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටියද පාර්ලිමේන්තුව හදිස්සියේ කැඳවීමේ අවශ්‍යතාවක් මේ අවස්ථාවේදී නොමැති බවද සභානායක, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(මව්බිම)

 

Related posts

අමෙරිකානු රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණ විනිසුරුවරුන්ට සම්බාධක පනවයි

Admin

මුහුද රළු වෙයි.. මීටර් 3.5ක් දක්වා රළ ඉහළ යා හැකියි.. වෙරළබඩ ජනතාවට අනතුරු අගවයි

colombotoday

ගෙදර ජල ටැංකියෙන් 2KW විදුලිය නිපදවන්න ලංකාවේ තරුණයෙක් සොයාගනී…

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 15 වැනිදා යලි අරඔයි

colombotoday

පාර්ලිමේන්තුව 7 වනදා රැස් කෙරේ. ගැසට් පත්‍රය අද හෝ හෙට. කතානායක පවසයි

colombotoday

කොළඹ – යාපනය අභ්‍යන්තර ගුවන් ගමන් සේවා යළි ඇරඹීමට පියවර

colombotoday