Colombo Today Local News

මගේ පොටෝ එක අයිති පොහොට්ටුවට පමණයි !

‘හැමෝටම මගේ ෆොටෝ එක ඕන වුණත්, මගේ ෆොටෝ එක අයිති පොහොට්‌ටුවට පමණයි’ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

කොළඹ, සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ ඊයේ (2 ) පැවැති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ පොහොට්‌ටුව ලකුණින් තරග වදින අපේක්‍ෂක, අපේක්‍ෂිකාවන් සහභාගි වූ සමුළුව අමතමින් හිටපු ජනාධිපතිවරයා එසේ කියා සිටියේය.

මෙහිදී ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මහජන සම්මුතිය එළිදැක්‌වුණු අතර එම සම්මුතිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පළමුව මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ටත්, පොදුජන පෙරමුණට අයත් පක්‍ෂ නායකයන්ටත් පිළිගන්වන ලදී.

ඒකාබද්ධ පොදුජන පෙරමුණින් පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් ලබාදුන් ප්‍රතිඥවට අනුව කටයුතු කළ යුතු බවත්, මෙම මැතිවරණය අපේක්‍ෂකයන් අතර තරගයක්‌ නොව රටේ සම්පත් විකුණනවාට, මැතිවරණ කල් දානවාට විරුද්ධව කරන සටනක්‌ හා බදු බරට විරුද්ධව කරන සටනක්‌ බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.

Related posts

ජාවරම්කරුවන්ගේ රුපියල් ලක්ෂ 1,060ක දේපොළ පොලිස් භාරයට

Admin

සුව සැරියටත් වැට් ගහන්න හදනවා

Admin

රිෂාඩ්, සාලි, හිස්බුල්ලා, මුජිබර් ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට ආරක්ෂාව දුන් හැටි සාක්ෂි සමග හෙළිවෙයි… වහා අත්අඩංගුවට ගනු !

colombotoday

“මගේ කාලයේ බැදුම්කර ගණුදෙනු ගැනත් හොයන්න” – මහින්දගෙන් අභියෝගයක්

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගෙන නෑ.. වසර 10ක බදු අරගෙන පමණයි.. අයිතිය නෙවිල්ටමයි !

colombotoday

චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක්

colombotoday