Colombo Today Local News

බැදුම්කර අවසන් වාර්තාවටත් බාලගිරි දොස වැළදේ.. තව කල් යන ලකුණු !

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ දීර්ඝ විමර්ශනයක යෙදුණු ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව අනිද්දා (31දා) ජනාධිපතිවරයාට භාරදීමට නියමිතව තිබුණද අවසන් වාර්තාව වෙනුවට සංක්ෂිප්ත වාර්තාවක් එදිනට ජනාධිපතිවරයාට භාරදීම කෙරෙහි කොමිසමේ අවධානය යොමුව ඇති බව ‘මව්බිම් ‘ පුවත්පත වාර්තාකර තිබේ.

මෙම සංක්ෂිප්ත වාර්තාව ඊයේ (28) බාරදීමට සැලසුම්කර තිබුනද එය අසාර්ථක විය.

කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතාත් සෙසු සාමාජිකයන් වන ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න විජයවර්ධන මහතා සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ද කොමිෂන් වාර්තාව කඩිනමින් පිළියෙල කිරීමේ කටයුතු දිරිගන්වමින් කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේ රාත්‍රි 7-8 පමණ වනතුරුත් මේ දිනවල රැඳී සිටින අතර ඊයේද ඇඳිරි වැටෙනතුරුත් ඒ අයුරින්ම ඔවුන් කාර්යාල පරිශ්‍රයේ විවිධ කටයුතු මෙහෙයවමින් සිටිනු දැක ගත හැකිවිය.

කෙසේ වෙතත් වාර්තාව පිළියෙල කිරීමේ කටයුතුවල දිවා රෑ වෙහෙසෙන කොමිසමේ ලේකම් නීතිඥ සුමතිපාල උඩුගමසූරිය මහතාද, සෙසු කාර්ය මණ්ඩලයද දිගින් දිගටම එම කටයුතුවල යෙදී සිටින අයුරුද අපට දැකගත හැකි විය.

එසේ වුවද අනිද්දා (31දා) යින් නිමාවීමට නියමිත කොමිසමේ අධිකාරි පත්‍රයේ කාලය තවදුරටත් දීර්ඝ කර ගැනීම සඳහා ඊයේ (28දා) සවස් වනතුරුත් කොමිසම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

Srilankanmirror

Related posts

අත්අඩංගුවට ගත් සබරගමු සරසවියේ සිසුන්ට ඇප

Admin

රනිල්ට එරෙහිවත් අරලිගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක්

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාලාභීන්ට නිවේදනයක්

colombotoday

වෙසක් පුන් පොහෝ දිනේ බත්තරමුල්ලේ සුපිරි වෙළදසැලක මස් විකුණයි!

colombotoday

සුව ඇමතිගෙන් වෛද්‍ය සංගමයට චෝදනාවක්.

colombotoday

අවසර පත්‍රයට දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට

colombotoday