අළුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැත්වෙන් ධර්ම දේශනයක් සදහා බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද පස්වරුවේ වැඩම කිරීමට නියමිතය.
ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙන අතර, පොලිස් කැරළි මර්ධන ඒකකයද කැදවා ඇතැයි වාර්තා වේ.
මේ පිළිබදව විමසීමේදී ජාතික සංවිධාන ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේ නමක් අප සමග පැවසුවේ, භික්ෂූන් වහන්සේ නමකට මෙරට ඕනෑම තැනක ධර්ම දේශනයකට වැඩමකිරීමට පවා බාධාවන ලෙස අන්තවාදය හිස ඔසවා ඇති බවයි.