Colombo Today Local News

බසයක් ටිපර් රථයක ගැටී 26ක් රෝහලේ

මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේ මුතූර් ප්‍රදේශයේදී බස්රථයක් ටිපර් රථයක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (10) උදෑසන 08 ට පමණ සිදු වූ අනතුරින් තුවාල ලැබූවන් මුතූර් රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසීය පවසයි.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිගම, හලාවත, පොළොන්නරුව, මීරිගම, මාතලේ යන ප්‍රදේශවලදී එම අනතුරු සිදුව ඇති බව පොලිස් මුලස්ථානය ප්‍රකාශ කළේය.

Related posts

අවම බස් ගාස්තුව රුපියල් 17යි

colombotoday

ලංකාවේ සිට ක්‍රියාත්මක ISIS ත්‍රස්තයෙක් ගැන ඉන්දීය බුද්ධි අංශ හෙළිකරයි !

colombotoday

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීට 20යි – දැව සංස්ථා සභාපතිට වසර 12යි. බරපතල වැඩ සහිත සිරදඬුවම්

colombotoday

පොලිස් සැරයන්වරයෙක් දිවි නසා ගනී

colombotoday

පොලිස් හදිසි මෙහෙයුමෙන් බීමත් රියදුරන් 222ක් අත්අඩංගුවේ

colombotoday

GSP+ ලබා දීමට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් පරදී

colombotoday