Colombo Today Local News

ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රට රකින හැටි ගෝඨාභය කියයි

ජීවිත පුජාවෙන් ආරක්ෂා කර ගත් ඒකීය රට නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් විනාශ වීමට ඉඩ දිය නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනතාව දැනුවත් කරන “එළිය“ සම්මන්ත්‍රණ මාලාවේ කෑගල්ල දිස්ත්‍රික් සම්මන්ත්‍රණය පෙරේදා (19) කෑගල්ල නගර ශාලා ශ්‍රවණාගාරයේ දී පැවැත් වු අතර එම සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

විවිධ දේශපාලන පක්ෂවලට අයත් රජයන් හා ජනාධිපතිවරුන් ත්‍රිවිධ හමුදාව පාවිච්චි කර ත්‍රස්ථවාදය පරාජය කළ බවත්, සෑම පළාතකම සිටි තරුණයින් විශාල සංඛ්‍යාවක් ජිවිත පුජා කළ බවත්, එවැනි කැප කිරීමක් සිදු කර දිනා ගත් ඒකීය රාජ්‍ය විනාශ කර දැමීමට කිසිවිටෙකත් ඉඩ දිය නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

වසර 30ක් තුළ සිටි ළමා සොල්දාදුවන්ට නොලැබුණු අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත්, වසර ගණනාවක් තුළ එල්.ටී.ටී.ඊ විනාශ කරපු ඔවුන්ගේ චින්තනය වෙනස් කර සාමාන්‍ය ජන ජීවිතයට පුරුදු කිරීමෙන් පමණක් සංහිඳියාව රට තුළ ඇති කළ හැකි බවත් රාජපක්ෂ මහතා පවසයි.

එසේ නොමැති බෙඳුම්වාදී දේශපාලඥයන්ට අවශ්‍ය බලය බෙදීම තුළින් කිසිවිටෙකත් සංහිඳියාව ගොඩ නොනැගෙන බව ද ඔහු සඳහන් කළේය.

Related posts

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් සමග ඩීල් දැමීමේ අවශ්‍යතාවක් නැහැ – ජනපති කියයි

colombotoday

අම්මා රට ගිය පසු පියා නව හැවිරිදි දියණියව අඹුකමට අරන්

colombotoday

දැඩි සත්කාර ඇඳන් පිරිලා | රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් කල් දමයි

colombotoday

හදිසි ප්‍රහාරයකට පෙර සූදානමක්.. කොළඹ මර්මස්ථාන රකින්න හමුදාවට නියෝග…

colombotoday

පුංචි ජන්දය තවත් මාස 6කින් කල් යයි

colombotoday

ආණ්ඩුවට අන්ත පරාජයක්.. අගමැතිකම බාරගන්නැයි මහින්දට ආරාධනයක් !!

colombotoday