Colombo Today Local News

මුන්නේෂ්වරම් දේවාල භූමිය අසලින් අනුරාධපුර යුගයේ නටඹුන් මතුවෙයි (Photo)

හලාවත මුන්නේෂ්වරම් දේවාලය භූමිය අසලින් අනුරාධපුර යුගයට අයත් ඉපැරණි නටඹුන් හමුවී තිබෙනවා.

දේවාල භූමිය අසල පිහිටි මුන්නේෂ්වරම් වැවේ රොන් මඩ ඉවත් කිරීමේදීයි මෙම නටඹුන් හමුවී තිබෙන්නේ.

විවිධ ප්‍රමාණයේ ගඩොල් වර්ග සහ පාත්‍ර කොටස් මෙලෙස කැණීම්වලදී සොයාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරික්ෂණ පවත්වන බව පුරාවිධ්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අනුරාධපුර යුගයේ තුමුලසෝම පිරිවෙන පිහිටියේ වත්මන් දේවාල භූමියෙ බව සදහන් වේ. පරංගීන් විසින් ඓතිහාසික තුමුලසෝම පිරිවෙන ගිනිතබා විනාශ කර ඇති අතර, පසුකාලීනව හින්දු කෝවිල එම භූමියේ ඉදිකර ඇති බව ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළි වෙයි.

Related posts

“අද හෙට විශ්වාසභංගය පරාජය කරන්න කොළඹ ඉන්න” | ජනපති අගමැති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දන්වයි.

colombotoday

ගුරුවරිය දණ ගැස්සූ නඩුවෙන් පා. මන්ත්‍රී චාමර සම්පත් නිදහස්

colombotoday

කඨින චීවර පූජාව පැවැත්වීම ගැන නිවේදනයක්

colombotoday

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Admin

උත්සව සමයේ කූඨ වෙළෙඳුන් සොයා පාරිභෝගික සේවා අධිකාරියෙන් වැටලීම්..

Admin

මෙවර ශිෂ්‍යත්ව විභාගය 15 වැනිදා

Admin